ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු කීර්තිමත් ගුවන් හමුදා නිලධාරියෙක් වන එයාර් මාෂල් සම්පත් තුයියකෝන්ත මහතා විසින් වර්තමාන ගුවන් හමුදාධිපති සුදර්ශන් පතිරණ මහතාට විරුද්ධව ඊයේ (02) ගරු,ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.එහිදී රුපියල් මිලියන 5 ක වන්දියක් අය කර දීමට නියෝගයක් ලබා දෙන ලෙස ද ඉල්ලා තිබේ.
මෙහිදී ගුවන් හමුදාපතිවරයාට අමතරව ගුවන් හමුදා පරිපාලන අධ්යක්ෂවරයා , රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
එමෙන්ම ගුවන් හමුදා විශ්‍රාමික වරප්‍රසාද අහිමි කරමින් තමන් අසාදු ලේඛන ගත කර ඇති බවට මාර්තු මාසයේදී මාධ්‍ය හරහා තමා හට දැන ගැනීමට හැකි වූ බවත් , නමුත් මේ සම්බන්ධව ගුවන් හමුදාව මගින් මේ වන තෙක් තමා හට කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවත් විශ්‍රාමික ගුවන් නියමුවෙකු වන එයර් වයිෂ් මාෂල් සම්පත් තුයියකෝන්ත විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන් කර තිබේ.
තවද ජාතික ජන බලවේගය පක්ෂයේ දේශපාලන වේදිකාවෙහි තම මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමාව අසාදු ලේඛනගත කිරීමට සිදු වූ බවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බවත් , මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමට ගුවන් නියමුවෙකු ලෙස වසර 30 කට අධික කාලයක් තමා ඉතා විශාල මෙහෙවරක් සිදු කළ බවත් ,
ඒ වෙනුවෙන් පිරිනැමෙන වීර වික්‍රම , වීර විභූෂණ , රණශූර ඇතුළු පදක්කම් රැසක් තමන් හිමි කරගත් බවත් , ගුවන් හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටියදී හෝ ගුවන් හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් , එවැනි තත්ත්වයක් හමුවේ ගුවන් හමුදා විශ්‍රාමික වරප්‍රසාද අහිමි කරමින් තමන් අසාදු ලේඛනගත කිරීම දැඩි ගැටලු සහගත තත්ත්වයක් බවත් ඔහු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන් කර තිබේ.
මේ පිළිබදව අප ද දිගින් දිගටම වාර්තා කරමින් එය නීති විරෝධී ක්‍රියාවක් බවද පෙන්වා දී තිබේ.
කෙසේ නමුත් මූලික අයිතිවසිකම් පෙත්සමට අමතරව වර්තමාන ගුවන් හමුදාපතිට විරුද්ධව පෞද්ගලිකව නඩු පැවරීම සදහා නීතියේ ප්‍රතිපාදන ඕනෑ තරම් තිබේ.එහිදී ඔහුට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ පෞද්ගලික අපරාධ නඩුවක් පැවරීමට ශ්‍රී ලංකා පොලිසිය හරහාද සිදු කළ හැක.ඒ සදහා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ගණනාවකින්ම සම්පත් තුයියකෝන්ත මහතාට යුක්තිය ඉෂ්ඨ කරගත හැක.එසේම සිවිල් නඩු විධාන සංග්‍රහ යටතේ තවත් සිවිල් නඩුවක් ද පැවරිය හැක.එසේම මූලික අයිතිවාසිකම් නඩු , රිට් ආචා , අපරාධ නඩු සහ සිවිල් නඩු ආදිය එකවර වුණත් අධිකරණවල පවරා පවත්වාගෙන යා හැකිය. ඒ සදහා නීතියේ ප්‍රතිපාදන ලබා දි තිබේ.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති එකින් එක එකින් එක කියවගෙන යන විට අපරාධ නඩු පැවරිය හැකි වගන්ති හදුනා ගත හැකිය.
අප මීට පෙර ගුවන් හමුදාපතිවරයා සම්බන්ධව පළ කර තිබෙන පහත පුවත තුළ අපරාධ නඩු පැවරිය හැකි ආකාරය පිළිබද සහ එහි වගන්තීන් සමහ ද පෙන්වා දි තිබේ.