මාධ්‍යවේදී තරුදු උඩුවරගෙදර අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුනේ ගුවන් හමුදා බුද්ධි අධ්‍යක්ෂක විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුවය.
එම අවස්තාව ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද සහභාගි වී සිටියහ.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එලියට පැමිණ මාධ්‍ය අමතා ප්‍රකාශයක් කරමින් සියලුම මාධ්‍යවේදීන් වෙත පණිවිඩයක් ලබා දුන්නේය. එසේම ජනමාධ්‍යවේදය යනු කුමක්දැයි දේශීය මෙන්ම විදේශීය උදාහරණද සදහන් කරමින් ගුවන් හමුදාවේ මෙම නූගත් ක්‍රියාව සිදුකල බුද්ධි අධ්‍යක්ෂකවරයාට ලබා දිය යුතු පිළිතුර ලබා දෙන ලදී.
සියලුම දෙනාට රාජකාරිය සිදුකිරීම සදහා විවිධ ආරක්ෂක පියවරයන් තිබුනත් මෙම සිද්දියේදී එවැනි කිසිම ආරක්ෂිත උපක්‍රමයක් භාවිතා කිරීමට ගුවන් හමුදාධිපති අසමත්ව තිබේ. එසේම මේ වන විටත් එම කැදවීම පිලිබදව මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරා තිබේ. එහිදී බුද්ධි අධ්‍යක්ෂක වෙනුවෙන් නීතිපති පෙනී සිටින්නේද නැද්ද යන්න තීරණය කරනුයේ ආයතන සංග්‍රහයේ XXX III පරිච්චේදයේ 6 වැනි වගන්තියට අනුවය.
එසේම ගුවන් හමුදා බුද්ධි අධ්‍යක්ෂකට සෘජුවම මෙසේ පැමිණිල්ලක් යෙදවීමට නොහැකි නමුත් එවැනි පැමිණිලි කල යුත්තේ එම පරිච්චේදයේම 7 වැනි වගන්තියට අනුවය. ඒ අනුව දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස ගුවන් හමුදාධිපති විසින් ආරක්ෂක ලේකම්ට දැනුම්දීමෙන් අනතුරුව බුද්ධි අධ්‍යක්ෂකට මෙම පැමිණිල්ල යෙදිය හැකිය. එසේ වුවත් පුද්ගලිකව පැමිණිල්ලක් කිරීමට කිසිම බාධාවක් නැති අතර මෙම සිද්ධිය තුලින් ගුවන් හමුදා බුද්ධි අංශ කටයුතු කර තිබෙන්නේ නීතියට පිටිනි. නීතියට අනුව සිදුකලේ නම් ගුවන් හමුදා බුද්ධි අධ්‍යක්ෂකගේ නමක් හෙළිදරව් වන්නේ නැත.
ජාතික ආරක්ෂක මණ්ඩලය හරහා මෙම කටයුත්ත සිදු වුයේ නම් කිසිම ආකාරයකින් තරිඳුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවන්නේ නැත. හේතුව නම් තරිඳුව අපරාධ පරීක්ෂණයකට භාජනය කිරීමට තරම් අපරාද නඩු නිමිත්තක් එහි නොමැති වීමයි. ජාතික ආරක්ෂක මණ්ඩලය තුලදී සිදුවන කටයුතු සිදුවන්නේ වගකීමක් ඇතිව පවතින නීති රාමුව හදුනාගෙනය. එයින් හැඟවෙන්නේ නීතිය පිලිබදව තුට්ටුවක තරම්වත් දැනුමක් ගුවන් හමුදා බුද්ධි අධ්‍යක්ෂකට නොමැති බවයි. එසේ නොමැතිව ගුවන් හමුදාධිපති විසින් මෙම කටයුත්ත සිදුකරන ලෙස නියෝග කලේ නම් කණගාටුවෙන් වුවත් සදහන් කරන්න තිබෙන්නේ ගුවන් හමුධාපතිද නීතිමය පැතිකඩයන් නොදන්නා බවයි.
මෙම සිද්ධියෙන් තමන්ට සිදු වූ අසාධාරණය, නීතිවිරෝදී බලපෑම, පීඩාව යන කාරනා මත තරිදු විසින් සිවිල් නඩුවක් පැවරීමක් සිදුකළහොත් එම නඩුව බුද්ධි අධ්‍යක්ෂකගේ නමට පැවරුවහොත් ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් තනිවම අධිකරණයට යා යුතුය. එසේම මෙම සිද්ධිය පාදක කරගෙන බුද්ධි අධ්‍යක්ෂකට විරුද්ධව අපරාධ චෝදනා යටතේ නැවත පැමිණිල්ලක් යෙදීමටද තරිදුට නීතිමය ප්‍රතිපාදන තිබේ.
එබැවින් මෙම සිද්ධියේදී අප දකින්නේ ගුවන් හමුදාධිපති නිසි උපදෙස් ලබා දී නැති බවයි. එසේම ගුවන් හමුදාවේ නීති අධ්යක්ෂකවරියෙකුද සිටි. ඔවුන්ට මහජනතාව වැටුප් ගෙවන්නේ රට වෙනුවෙන් වැඩ කිරීමට විනා මිනිසුන්ගෙන් පෞද්ගලිකව පලිගනිමින්, ගුවන් හමුදාධිපතිවරු නොමග යැවීමට හෝ නොවේ. ඔවුන් නීති උපදෙස් ලබා දිය යුත්තේ තම සගයන්ගේ යහපැවැත්ම සහ එතුලින් යහපත් ගුවන් හමුදාවක් නිර්මාණය කිරීමටය. මෙවැනි කාරනාවලදී තමන්ගේ උද්ධච්චකම් පසෙකදමා කටයුතු නොකිරීමෙන් සිදුවන්නේ දැවැන්ත විනාශයකි. ගුවන් හමුදාධිපති මෙන්ම බුද්ධි අධ්‍යක්ෂකද ජනතාවගේ තනතුරු විනා පුද්ගලික බූදලයක් නොවේ. ජනතාව ආරක්ෂා කිරීමට නම් ප්‍රථමව සිදුවිය යුත්තේ නීතියට අනුව කටයුතු කරන තත්වයක් ගුවන් හමුදාව තුල ඇති කිරීමයි.
අප දිගින් දිගටම ගුවන් හමුදාවේ විවිධ වැරදි ක්‍රියාකාරකම් වාර්තා කරතිබේ. එසේම සත්‍ය තොරතුරු සහ වාර්තා මත පලකිරීමට තිබෙන විවිධ කාරනා ගනනාවක්ම අප සතුව තිබේ. නමුත් ඒවා වාර්තා නොකරන්නේ පෙන්වන වැරදි තුලින් යම් නිවැරදි කරගැනීම් කරගනු ඇතැයි යන විශ්වාසය මතය. එසේම ගුවන් හමුදාධිපතිට කොවිඩ් හැදුනු අවස්ථාවේදීද ඒ පිලිබඳව වාර්තා කර තිබේ. ඒ ඔහුගේ ආරක්ෂාවේ යම් හිඩැසක් තිබේ නම් ඒ පිලිබඳව සොයාබලන ලෙසය. එබැවින් හමුදාවක් කටයුතුකළ යුත්තේද ජනතාවට ආදර්ශයක් වන ආකාරයටය. එසේම බුද්ධි අංශ කටයුතුකල යුත්තේ බුද්ධි අංශ ලෙසිනි. ඔවුන් නිරාවරණය වීමෙන් වැළකිය යුතුය.
එබැවින් වඩාත්ම සුදුසුම දෙය නම් මේ පිලිබඳව යම් සමථයක් ඇතිකරගෙන, ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් එළිදරව් වීම වලක්වා ගැනීමට කටයුතු කිරීමයි. ගුවන් හමුදාධිපතිට එය එසේ කිරීමටත් තරිඳු කැමති විය යුතුය.