වර්තමාන ගුවන් හමුදාපති විසින් තම ආරක්ෂක අංශ යොදවාගෙන ඉරණමඩු කදවුරෙන් කොන්ක්‍රීට් කණු 250ක් තම පුද්ගලික ඉඩමේ ප්‍රයෝජනය සදහා රැගෙන ගොස් තිබෙන බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.
මෙම කොන්ක්‍රීට් කණු නිෂ්කාශනය කිරීමට අකමැත්ත ප්‍රකාශ කළ ගුවන් භටයා මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා යොමු කර තිබේ.
මේ අනුව ගුවන් හමුදාපතිගේ රාජය්‍ය දේපල අවභාවිතය දිගින් දිගටම වැඩිවෙමින් පැවතීම හේතුවෙන් ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිළයන් අපහසුතාවයටත් කලකිරීමටත් පත්ව සිටී.
මෙලෙස ගුවන් හමුදාව, ඉරණමඩු කදවුරෙහි නිපදවන කොන්ක්‍රීට් වැටකණු 250ක ප්‍රමාණයක් අවස්ථා තුනකදී ලබාගත් අතර මේ සදහා යොදාගන්නා ලද්දේ ගුවන් හමුදාපති ආරක්ෂක අංශයේ ගුවන් භටයින් සහ එම අංශයේ ගුවන් – 3728 දරණ ට්‍රක් රථයයි.
මේ අනුව මෙම ට්‍රක් රථයෙන් පළමු කොන්ක්‍රීට් කණු 100ක ප්‍රමාණය 2022 මැයි මස 31 දින කිසිදු අනුමැතියකින් තොරව පෝරම 603 (F.603) නිකුත් කිරීමේ වවුචරය 33912 සැරයන් චාමර සහ 31121 සැරයන් බණ්ඩාර යන අය අදාළ වවුචර් පත්වල සටහන් තබා තිබේ.
එසේම 29842 සැරයන් බණ්ඩාර විසින් ඉරණමඩු කදවුරේ දොරටු අවසර පතෙහි සටහන් තබා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකගේ වාචික අවසරය මත “ආධාර” ලෙස සටහන් කර තිබේ.
එසේම කොන්ක්‍රීට් කණු කිසිදු කදවුරකට හෝ පුද්ගලයකුට ලබා දී නොමැති අතර එම කණු ගුවන් හමුදාපතිගේ පුද්ගලික ඉඩම වෙත ගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.
දෙවනුව කොන්ක්‍රීට් කණු 50ක ප්‍රමාණයක් 2022 අගෝස්තු මස 8 දින 29842 සැරයන් බණ්ඩාර විසින් වවුචර සටහන් කරන අතර, සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකගේ වාචික අනුමැතිය යැයි සටහන් කොට කදවුරෙන් ඉවතට රැගෙන ගෙන ගොස් තිබේ.
තෙවනුව කොන්ක්‍රීට් කණු 100 ක ප්‍රමාණයක් 2022 ඔක්තෝම්බර් මස 19 දින 32332 සැරයන් ගුණතිලක විසින් වවුචර සටහන් කර තිබේ.
එසේම භූමි මෙහෙයුම් අධ්‍යක්ෂකගේ වාචික අනුමැතිය මත කදවුරෙන් ඉවතට ගෙන ගොස් තිබෙන බවද සදහන් වේ.
මෙම කොන්ක්‍රීට් කණු 250 කිසිම කදවුරකට හෝ ආධාර පිණිස ලබා දී නොමැත.
එසේම මෙම කොන්ක්‍රීට් කණු 250 අදාළ තොගයෙන් ඉවත් කිරීමට අදාළ නිලයන් අසරණ වී තිබේ.
එසේම මෙම තොගය භාරව කටයුතු කළ 31121 සැරයන් බණ්ඩාර මේ සදහා වවුචර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.
එම ප්‍රතික්ෂේප කිරීම නිසාම ඔහු මානසික රෝගයකින් පෙළෙන බව සදහන් කර කටුනායක ගුවන් හමුදා රෝහල වෙත යොමු කර වෛද්‍ය හේතුන් මත ගුවන් හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
කෙසේ නමුත් ඔහු මේ වන විට වෙනත් කදවුරකට ස්ථාන මාරුකර යවා තිබේ.
මෙවැනි අකටයුතුකම් සිදුකරමින් රාජය්‍ය දේපල විශාල වශයෙන් අවභාවිතා කරමින් ඒ සදහා සහය නොදක්වන නිලධාරින් සහ සෙසු නිළයන්ට මානසිකව හිරිහැර සිදු කරමින් සිටින ගුවන් හමුදාපතිගේ ක්‍රියා කලාපය හේතුවෙන් ගුවන් හමුදාවේ සියලු නිළයන් කළකිරීමට පත්ව සිටී.
ඒ අනුව අපට ලැබෙන තොරතුරු අනුව මෙය පළ කර තිබේ. මෙය වැරදි නම් පහත සදහන් තොරතුරු සමග එය නිවැරදි කර ගැනීම ගුවන් හමුදාපතිගේ හා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ වගකීම වේ. ඒ සදහා අපද අවශ්‍ය ඉඩකඩ වෙන් කර තිබේ.
° මෙම කම්බි කණුවලට සිදුවූයේ කුමක්ද?
°ආ:ප 603 කූට ලේඛණයක්ද?. සත්‍ය ලේඛන කා සතුව තිබේද?.
° G 3728 ට්‍රක් රථය ගුවන් හමුදාවේ එකක් නොවේද?
° ගුවන් හමුදාපතිගේ පෞද්ගලික ඉඩම පිහිටා තිබෙන්නේ කොහෙද?
° 33912 සහ 31121 දරණ සේවා අංක දරණ භටයන් මෙම ආ:ප අත්සන් කර නැතිද?
° 31121 සැරයන් බණ්ඩාර මානසික රෝගයකින් පෙළෙන්නේද?
° 31121 සැරයන් බණ්ඩාර ගුවන් හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු සැලසුම් කරන හේතුව කුමක්ද ?
°අදාල ආ:ප: 603 අත්සන් කර ඇත්තේ කවුරුන් විසින්ද?
°අදාල නාමාවලි භාරකරු 31121 සැරයන් බණ්ඩාරද?
°කොන්ක්‍රීට් කණු සදහා යොදා ඇති දොරටු අවසර පත් කූට ලෙස සකසා තිබේද?
° 2022 මැයි 11 දින ,2022 අගෝස්තු 08 දින සහ 2022 ඔක්තෝම්බර් මස 19 දින ඉරණමඩු කදවුරෙන් පිටතට ගෙන ගොස් තිබෙන කම්බි කණු කුමන කදවුරකට රැගෙන ගොස් තිබේද?.
(එම කදවුරුවලට එම භාණ්ඩ රැගෙන විත් තිබෙන බවට සහතික කරන ආරක්ෂක මැදිරියේ සටහන් ඉදිරිපත් කරන්න.)
ඉහත සදහන් තොරතුරු සහිතව මේ පිළිබඳව අප වෙත තොරතුරු ලබා දී, එය වැරදි නම් නිවැරදි කරවා ගැනීමට ඉදිරි දින 14ක කාලය තුළ කටයුතු කළ යුතුය. එය එසේ කිරීම මහජන තනතුරේ සිටින ගුවන් හමුදාපතිගේ වගකීම වේ.