ගුවන් හමුදාවෙන් මොරටුවේ සිවිල් ජනයාට පහර දීම. පාලකයන් හමුදාව සහ සිවිල් ජනතාව අතර ගැටුම් ඇතිකරවයි.

අප උපන් දේශය ගැන අපට ලියන්නට වන්නේ දුක්ඛ දෝමනස්ස පිරි හදවතිනි. මේ ලියන අපගේද, අනෙකුත් මාධ්‍ය සගයන්ගේ පමණක් නොව ශ්‍රී ලංකා වාසි සියලු ජනයාගේ දුක් අදෝනා කෙසේ අවසන් වේවිදැයි අප කිසිවෙකුටත් සිතීමට නොහැකි ලෙස දිනෙන් දින අගාදයට පැමිණ තිබේ.

ජීවත් වීමට නොහැකි ජනයාගේ දුක වේදනාව පිටවන්නේ ක්‍රෝධයෙන් සහ වෛරයෙනි. ඔවුන් දැන් නොමිනිසුන් වී තිබේ. පාලකයන් තවමත් පාපන්දු ගසන්නේ ජනතාවගේ කොදු නාරටිය මතිනි.

ඛනිජ තෙල් ඇමතිගේ ලගම හිතවතා වන නාමල්ගේ සහ කටාර් ඉන්ධන මිලදී ගැනීමේ සිද්ධිය පිලිබදව යම් කූට උපක්‍රමයක් තිබෙන බව මේ වන විටත් අනාවරණය වී අවසන්ය. නමුත් නාමල් රාජපක්ෂ සියල්ලම ප්‍රතික්ෂේප කර තිබේ.

දැන් ඉන්ධන හල්වල කළමනාකරුවන් සහ සේවකයන් ඉන්ධන හොරකම් කරන්නේ රාජ්‍ය ආරක්ෂාව නොහොත් ආරක්ෂක හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව යටතේය. සියලුම ඉන්ධන හල වල පාහේ හොර පාරෙන් ඉන්ධන විකුණති. බොහෝ ඉන්ධන හල වල සේවකයන් යතුරුපැදියක ඉන්ධන පුරවා ෂෙඩ් එකෙන් එලියට ගෙනත් දීමට රුපියල් 2000 ක් ගනිති. කාර් වැනි රථ සදහා රුපියල් 5000 ක් ගනිති. ජනතාව බලා සිටියදීම මෙම ව්‍යාපාරය ජයටම කරගෙන යන්නේ පොලිස් සහ හමුදාවේ පුද්ගලයන් සිටිය්දීමය. නමුත් විකිණීම පිලිබදව සොයා බැලීමට පොලිසිය හෝ හමුදා සේවකයන් බැදී නැත.

අද මොරටුවේදී ගුවන් හමුදාව සහ සිවිල් ජනතාව අතර සිදුවන්නේද ඛනිජ තෙල් ඇමතිගේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ෂෙඩ් එකේ හිමිකරුවන්ගේ නොසන්ඩාල වැඩ නිසා සිදු වූ සිදුවීමකි. කූපන් ලබා නොදීමේ සිද්ධියක් මත කුපිත වූ ජනතාව ගුවන් හමුදා බටයෙකුගේ ගිනි අවියක් උදුරාගැනීමට යාමේදී මෙම සිද්ධිය සිදු වූ බවට අපට වාර්තා වෙයි. සිද්ධියට ඉන්ධන හලේ කළමනාකරුගේ අයහපත් ක්‍රියාවලියක් මුල් වී තිබේ. ඔහු කූපන් ලබා දීමේදී සිදුකර තිබෙන අක්‍රමිකතාවයක් මෙයට මුල් වී තිබේ.

ආරක්ෂක හමුදාව හෝ පොලීසිය යොදවා තිබෙන්නේ ඉන්ධන හල්වල ඉන්ධන ලබා දීමට නොවේ. ඔවුන් යොදවා තිබෙන්නේ ඉන්ධන හල් අසල සිදුවන කෝලාහල පාලනය කිරීමට පමණි. නමුත් ඉන්ධන හල්වල සේවකයන් දැන් සිදුකරන්නේ රාජ්‍ය ආරක්ෂාව යටතේ ඔවුන්ගේ වංචනික ක්‍රියාවන් තව දුරටත් සිදුකිරීමයි. ඉන්ධන හල්වල සේවකයන්ට ජනතාව පහරදුන්නේද එම කාලයේද ඔවුන්ගේ දූශිත ක්‍රියාවන් සිදුකල බැවිනි.

අප වාර්තාකරුවන් පවසන්නේ ඉන්ධන හලේ කළමනාකරුගේ වරද හේතුවෙන් එම ජනතාව උදැසන සිටම කුපිතව ගුවන් හමුදා භටයන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබේ. ඉන් අනතුරුව එහි සිටි පුද්ගලයෙක් ගුවන් භටයන්ට කෙල ගසා පසුව එහි සිටි භටයෙකුගේ ගිනි අවිය උදුරාගැනීමට යාමත් සමගම මෙම සිද්ධිය සිදුව තිබේ.

වීඩියෝ එකට වඩා ඉහලින්ම තිබෙන්නේ මුල පැවැත්ම සහ මැද මෙන්ම අවසානයයි. එම සිද්දියේදී අවශ්‍ය නම් ගුවන් හමුදාවට වෙඩි තබා කලහකරුවන් පලව හැරීමට තිබුණි. නමුත් එහිදී ගුවන් බටයන් අවම බලය භාවිතා කරමින් එම කලහකාරී පුද්ගලයන් පාලනය කරන බව පැහැදිලිවම වීඩියෝව තුලින් දක්නට ලැබේ. එම ගුවන් භටයන් සියලුම දෙනා එම අවස්ථාවට අනුව එය ඉතාම මැනවින් එය පාලනය කරන බව පැහැදිලිවම දක්නට ලැබේ. අපට වාර්තා වන ආකාරයට බීමත්ව හැසිරුණු කිහිපදෙනෙකු ගුවන් හමුදාව විසින් පොලිසියට බාර දී තිබේ.

ජනතාවට කුසගින්නේ සිටියදී, ජීවත් වීම සදහා, රැකියාව කරගැනීම සදහා මුදල් හොයා ගැනීමට ඉන්ධන නොමැති වන විට ඔවුන් කුපිත වීම සාධාරණ වේ. කල යුත්තේ අත්‍යාවශ්‍ය සේවකයන් සදහා ඉන්ධන ලබා දීමට යුධ, ගුවන්, නාවික මෙන්ම පොලිසිය සතුව තිබෙන ඉන්ධන හල වලින් ඔවුන්ට ඉන්ධන ලබා දීමයි. සෑම කදවුරකම පාහේ ඉන්ධන පිරවුම් පොලවල් තිබේ.

Exit mobile version