ගුවන් හමුදාවේ, ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු නිලධාරියා සහ  BBC මාධ්‍යවේදියාට පහර දුන් එක් අයෙකු. ගුවන් හමුදාව පොලිසියටත් වඩා පහත් වෙයි

මාර්තු මස සිටම ශ්‍රී ලංකාවේ අරගල පවතින්නේ ජනතාවගේ ආසාවට නොවේ. ජනතාව පිඩා විදින නිසාය. ජනතාවට පහර දුන් ආරක්ෂක හමුදාවට සහ පොලිසියට වැටුප් ගෙවන්නේද එසේ දුක විදින ජනතාවයි. නමුත් රජය ආරක්ෂක අංශ එම ජනතාවට ම්ලේච්ඡ ලෙස පහර දෙන්නේ නීතියට පිටින් ගොසිනි.

අද (22) අලුයම ශ්‍රී ලංකාවේ ජනතාව මර නින්දේ සිටියදී යුරෝපානු රටවල් ඇතුළු ලෝකයේ බාගයකට ඉර මුදුන් වී තිබුනේය. ශ්‍රී ලාංකිකයන් නින්දේ සිටියදී ලෝකයාම සජීවීව බලා සිටියේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් වල ම්ලේච්ඡ ක්‍රියාවන්ය. ඔවුන් හැසිරුනේ ලෝකයේ කිසිම රටක් නොහොත් දියුණු කිසිම රටක් අනුමත නොකරන ම්ලේච්ඡ හැසිරීමකි.

එම මෙහෙයුම කුමක් වුවත් හමුදා සාමාජිකයන් හැසිරුනේ තුන්වැනි පන්තියටත් වඩා පහල මට්ටමක පුද්ගලයන් හැසිරෙන ආකාරයටය. ඔවුන්ගේ බැන වැදීම්, අසංවර හැසිරීම් වලින් පෙනුම් කලේ ගෝත්‍රික නොහොත් ම්ලේච්ඡ නොදියුණු නූගත් වැසියන්ගේ හැසිරීමකි.

ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගුවන් හමුදාව පහරදෙන අයුරු

අනෙකුත් ආරක්ෂක අංශවලට වඩා මෙම සිදුවීමේදී ගුවන් හමුදාවේ පහත්  හැසිරීම අනාවරණය වූ අතර BBC මාධ්‍යවේදින්ට පහරදුන් එක් පුද්ගලයෙකුද ඔහුගේ කැමරාවේ සටහන්ව තිබේ.

BBC සජීවී විකාශය එක් අවස්ථාවක්

ඒ අතර වීඩියෝ කරන මාධ්‍යවේදීන්ට තර්ජනය කරන, අයුතු බලපෑම් කරන භටයන්ට අමතර නිලධාරියෙකුද එම වීඩියෝ වල සිටි. ඔහු නමින් විංග් කමාන්ඩර් පෙරේරා වෙයි. ඔහුගේ අංශය වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙජිමේන්තුවයි. ඔහු සමග සිටින ගුවන් භටයන් ප්‍රධාන මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ගේ බෙල්ලෙන් අල්ලා ඇදගෙන යන ආකාරයද, ඔවුන්ට බන වදින  ආකාරයද, මාධ්‍යවේදීන්ගේ කැමරා වලට පහර දෙන අකාරයද දැක ගත  හැකිය. ඒ අනුව මෙම ගුවන් හමුදා බල ඇණියට අණ දෙන්නේ විංග් කමාන්ඩර් නෙලින්ද්‍ර පෙරේරා නැමති මේ නිලධාරියා බව පැහැදිලිය.

විංග් කමාන්ඩර් පෙරේරා විසින් මාධ්‍යවේදියෙකුට අවහිර කිරීම සහ පුද්ගලයෙකුට තර්ජනය කරමින් රැගෙන යන අයුරු

එසේම යුධ හමුදා අනුකණ්ඩයට එන දෙන්නේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර ඔහුද කවුද යන්න අපට ඉදිරියේදී අනාවරණය වනු ඇත.

ලෝකයක් බලා සිටියදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආරක්ෂක හමුදාවන් ලෝකය ඉදිරියේ තුට්ටු දෙකට ඇද දැමීමේ පලවිපාකය යහපත් යයි කෙනෙකු සිතන්නේ නම්, පහර දීම සුදුසු යයි අයෙකු සිතන්නේ නම් ඔහු හෝ ඇයද ම්ලේච්ඡ ගති ලක්ෂණ ඇති මෙන්ම දැඩි දේශපාලන මතයක සිටින නොහොත් වහල් දේශපාලනයේ දී සිටිමින් මෙරට විනාශ කිරීමට සහාය දැක් වූ අයෙකි. ඒ හැර නීතියට ගරු කරන සමානාත්මතාවයට ගරු කරනා කිසිම පුද්ගලයෙකු එම ක්‍රියාව නිවැරදි බව ප්‍රකාශ කරන්නේ නැත.  එසේ නම් රටකට නීතියක් අවශ්‍ය නැත. ලෝකයේ මානුශීයම හමුදාව සිටින්නේ ශ්‍රී ලංකාවේ බවට උදම් ඇනු අපට අද උරුමව තිබෙන්නේ ලෝකයේ සිටින පහත්ම හමුදාවක් බව සජීවීව පෙන් වීමට අවශ්‍ය කටයුතු සිදුකල සියලුම ආරක්ෂක හමුදා නායකයන් මේ පිළිබදව වගකීම අරගත් යුතු අතර මෙසේ නීති විරෝදී ලෙස කටයුතු කල යුධ, ගුවන් නාවික මෙන්ම පොලිස් ඇතුළු සියලුම දෙනාට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද වෙනත් රටවල් වලට යාමට පවා නොහැකිව විවිධ බාධක පැනවීමට ඇති හැකියාව වැඩිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙන්ම අනෙකුත් ආරක්ෂක අංශ වලද ඉතාම විශිෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම භටයන්ද සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ පැවත්ම වෙනුවෙන් වරද කල පුද්ගලයන් සොයා දඩුවම් කිරීම ආරක්ෂක ලේකම්ගේ සිටම හමුදාධිපතිවරුන්ගේ ද වගකීමකි. මෙම සිදුවීම් නිසා ඔවුන්ටද තමන් අහවල් හමුදාවේ යයි කීමට නොහැකිව සිටී.

Exit mobile version