ශ්‍රී ලංකා ගුවන් හමුදාව යනු ශ්‍රී ලංකාවේ තිබෙන වැදගත් හමුදාවකි. නමුත් එහි පරිපාලනය පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට මෙන්ම ගුවන් හමුදා පනතට ද පටහැනි වන ලෙස සැකසු නීති මාලාවකිනි. ගුවන් හැමදාව විසින්ම තම තමන්ට අවශ්‍ය ලෙස නීති සකසා තිබේ. ඊටත් අමතරව ගුවන් හමුදාධිපතිගේ සිට අධ්‍යක්ෂක මණ්ඩලයේ බොහෝ සාමාජිකයන්ද , අණදෙන නිලධාරීන් දක්වාද බාගයකටත් වඩා කටයුතු කරන්නේ නීතියට පරිභාහිරවයි. එයින් කියවෙන්නේ ඔවුන් නූගතුන් බව සහ රාජ්‍යයේ නීතියට ඔවුන් ගරු නොකරන බවයි.
වර්තමාන ගුවන් හමුදාධිපතිගේ පාලනය යටතේ නීතිවිරෝදී ලෙස ගුවන් භටයන් විශාල ප්‍රමානයක් ඉවත් කර තිබේ. ඉන් පෙර සිටි හමුදධිපතිවරුද එසේ ඉවත් කර තිබේ. එසේ වර්තමානයේ ඉවත් කල තොරතුරු සහ ලේඛණ විශාල ප්‍රමානයක් අප සතුව තිබේ. ඒවායින් සුළු ප්‍රමාණයක් මානව හිමිකම් කොමිෂමට පැමිණිලිකර තිබෙන අතර තවත් කිහිප දෙනෙකු අධිකරණ වල නඩු පවර තිබේ. එසේම සමහර නිලධාරීන්ගේ හැසිරීම කෙතරම් තුච්චද යත් ඔවුන්ගේ වරද නිසාම ගුවන් භටයන් දැඩි පීඩාවකින් රාජකාරිය කරයි. එවැනි එක් නිලධාරියෙක්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පවා පවරා තිබෙන අතර ඔහු නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙන්නේද නඩුව පවතින අතරතුරදීය.
එවැනි පාලනයක් සහිත නොහොත් නීතියට පටහැනිව කටයුතු කරන ගුවන් හමුදාවේ බොහෝ පරිපාලන කටයුතු නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලනය සිදුවන්නේ තවත් නීතිවිරෝදී සංවිධානයක් ලෙස නම් එයින් කියවෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස බවයි. ඉන් හැගවෙන්නේ පවතින ආර්ථික අහේනියට පවා ඔවුන්ද වගකිව යුතු බවයි. මිග් යානා ගනුදෙනුව, C – 130 ගනුදෙනු වලින් ශ්‍රී ලංකා ජනතාවගේ මුදල් ඩොලර් බිලියන් ගනනාවක් රටට අහිමි විය. මහින්ද රාජපක්ෂ යුගය ආර්ම්භයත් සමගම සක්‍රීය වූ 2006 අංක 49 දරන ප්රෂම්පාධ්න මර්ගොපදේශ සංග්‍රහයේ කටයුතු සිදුකිරීම පවා ගුවන් හමුදාව සිදුකරන්නේ වැරදි ආකාරයටයි. එහි වගන්ති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම කාලයේ සිට මේ දක්වාම අධ්‍යක්ෂක මණ්ඩලවල සිටම සිදුවන්නේ වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා වේ. එමගින් රටේ මහජනතාවට මාසිකව ඩොලර් මිලියන ගනනාවක් අහිමි වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අවිචාරවත් නීතිවිරෝදී නොහොත් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන නීතිවිරෝදී සෙබලුන් සෙබළුන්ගේ මාද්‍යවේදීන් තිදෙනෙකුට පොලු මුගුරු වලින් පහර දී තිබේ.රසික ගුණවර්ධන ශබීර් මොහොමඩ් සහ චතුරංග ප්‍රදීප් කුමාර යන තිදෙනාට පහර දී තිබේ. එහිදී මාධ්‍යවේදී රසිකගේ හිසට මුගුරකින් පහර දී තිබේ. ඒ අතර මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර පැහැරගෙන ගොස් තිබේ. මාධ්‍ය රාජකාරිය යනු හමුදා නිලධාරීන් කරන්නා සේ රැකියාවකි. නිල ඇදුමේ බලය යනු ජනතා බලය විනා හමුදා නිලධාරීන්ගේ හෝ භටයන්ගේ පුද්ගලික බුදලයක් නොවේ.
මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සදහා ඊයේ රාත්‍රියේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ මහජන සාමය පවත්වාගෙන යාම සදහාය. නමුත් ඒ පහර දීම සඳහා නොවේ. රජයේ සැලසුම වී තිබුනේ ජනාධිපති ලේඛම් කාර්යාලය මුදවා ගැනීම පමණි. එසේ නොමැතිව කොල්ලුපිටියේදී හෝ මහ මගදී මාධ්‍යවේදීන්ට මෙන්ම අනෙකුත් පුරවැසියන්ට පහරදීමට නොවේ. එසේම අරගලයේ යෙදී සිටි කණ්ඩායම් අද (22) සිට ඉවත්ව යාමට තීරණය කර තිබිණි. එසේ තිබියදී ආරක්ෂක අංශ වල මෙම ක්‍රියාවලිය අනුමත කල නොහැක. නමුත් ජනාධිපති ලේඛම් කාර්යාලය අත්පත් කර ගැනීම කල යුතුව තිබු දෙයක් වුවත් අනෙකුත් ක්‍රියාවන් අනුමත කල නොහැකි නීතිවිරෝදී ක්රියාවන්ය.
වාර්තාවන ආකාරයට ගිලන්රථ වලට පවා ඇතුල්වීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අවසර දී නැත. විදේශ තානාධිපති කාර්යාල ඒ වෙනුවෙන් මැදිහත්ව තිබෙන බවද වාර්තා වේ. රට සාමකාමී වෙමින් පවතින විට ආරක්ෂක අංශ ත්රස්තවාදීන් සේ හැසිරීමෙන් තව තවත් අසරණ වන්නේ ශ්‍රී ලාංකිකයන්ම වේ. එවිට ඔවුන්ගේ යුක්තිය ඉල්ලා යාමට සිදුවන්නේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවටය.
එබැවින් කල යුත්ත, නොකළ යුත්ත කුමක්ද යන්න ගුවන් හමුදාව හෝ අනෙකුත් ආරක්ෂක අංශ තේරුම් නොගන්නේ නම් අනාගතයේදී දුක් විදින්නේද ඔවුන් සහ ඔවුන්ගේම දු දරුවන්ය. අද දින ඉවත්වීමට සිටි අරගලකරුවන්ට මෙසේ පහරදීම පවතින අර්බුදය කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දරුවන්ටවත් විදේශ රාජ්‍යයන් වලට පවා යාමට නොහැකි තත්වයන් ඇති විය හැකි අතර වෙනදා සිදු වූ පහර දීම් වලට වඩා මෙය දරුණු වන්නේ මෙම සිද්ධිය විදේශ රාජ්‍යයන් විසින් සජීවීව නරඹා තිබීමයි.
එබැවින් අප මෙය දකින්නේ ආරක්ෂක විසින් නව ජනාධිපතිගේ ආගමනයට විරුද්ධව කල දෙයක් ලෙසිනි. අද නිර්මාණය වීමට තිබෙන නව රජයට එරෙහිව ආරක්ෂක අංශ විසින් සිදුකල ම්ලේච්ඡ ප්‍රහාරයක් ලෙසිනි. අප මෙය දකින්නේ රටින් පලාගිය ගෝඨාභයගේ හොල්මන් ඔහුගේ සට්ටැබියන් වූ ආරක්ෂක අංශ නිලධාරීන් තවමත් ඔවුන්ට අවශ්‍ය ලෙස ක්‍රියාත්මක වන බවයි.