ශ්‍රී ලංකා තරුණ ජනමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් පොලිස් පණිවුඩයක් (22) ඔහුගේ නිවසට ලැබී තිබෙන බව විවිධ මාධ්‍ය වාර්තා ලකර තිබේ.
ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව ජනාධිපතිවරයා හැර ඕනෑම පුද්ගලයෙකු පොලිස් විමර්ශනයකට කැඳවීමට හැකියාව තිබේ. එහි වරදක් නැත. නමුත් මාධ්‍යවේදීන් සතු තොරතුරු ලබා ගැනීමට පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට නීතියෙන් අවසර නැත. අධිකරණයන් වුවද එවැනි අවස්ථාවලදී කටයුතු කරනුයේ සුවිශේෂී අවධානයක් යොමුකරමිනි. නමුත් මාධ්‍යවේදීන් කැඳවීමේදී අවධානය යොමු කල යුතු කරුණු ගණනාවක් තිබේ. අප මෙහිදී අවධානය යොමු කරනුයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ විසින් සිදුකල පැමිණිල්ලකට ඔහුව කැදවීම නිසා ගුවන් හමුදාපතිට සහ බුද්ධි අංශ නිලධාරීන්ට මේ පිලිබදව වගකීමට සිදුවන්නේ පෞද්ගලික මට්ටමිනි.
ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසියද ඒවායේ බුද්ධි අංශද කටයුතු කරන යම් පිළිවෙලක් මෙන්ම ස්ථාපිත ක්‍රමයක් තිබේ. බුද්ධි තොරතුරු එල්දරව් වන්නේ බුද්ධි සමාලෝචන මණ්ඩල මෙන්ම ආරක්ෂක මණ්ඩලය හරහාය. ඒ හරහා සිදුවන කිසිදු කටයුත්තකදී තොරතුරු ලබා දුන් නිලධාරීන්ගේ හෝ පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු වේ. බුද්ධි අංශ කටයුතු කලයුත්තේ රහසිගතවය. ජාතික ආරක්ෂාව මෙන්ම බුද්ධි අංශද සුරක්ෂා වන්නේ එවිටය.
නමුත් මාධ්‍යවේදී තරිදුගේ සිද්ධියේදී ගුවන් හමුදා බුද්ධි අංශ පාවා දීමක් සිදුව තිබේ. මෙහිදී සිදුවන්නේ අදාළ බුද්ධි අංශ නිලධාරින් කවුරුන්ද යන්න හෙළිදරව් කිරීමට සිදු වේ. ඒ නීතිමය කටයුතු වලදීය. ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ක්‍රියාවල් සිදුවන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලය හරහාය. නමුත් මෙම සිද්ධිය ජාතික ආරක්ෂාවට සම්බන්ධ සිද්ධියක්ද නැද්ද යන්න පිලිබදව තහවුරු කරනුයේ ආරක්ෂක මණ්ඩලය මගිනි. එහිදී සියලුම පරීක්ෂණ කිරීමට පොලිස්පතිවරයාට බාර දෙයි. එහිදී පොලිස්පති විසින් අදාළ අංශ වලට යොමුකර නියමිත අයුරින් පරීක්ෂණ සිදුකරයි. එම ක්රියාපටිපාටියේදී සිදුවන්නේ නීත්‍යානුකූල ලේඛණ සකසමින් අධිකරණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමයි. නමුත් මෙහිදී සිදුව තිබෙන්නේ ජාතික ආරක්ෂක මංඩලයට පිටින් ගොස් ගුවන් හමුදාව පෞද්ගලිකව එම පැමිණිල්ල කර තිබීමක් බවයි.
පෞද්ගලිකව පැමිණිල්ලක් කර තිබේ නම් එහි පැමිණිලිකරු වන්නේ ගුවන් හමුදාධිපතිය. ගුවන් හමුධා ප්‍රධානියා ඔහුය. එසේම මේ සිද්දිය පිලිබදව මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමටද පැමිණිලිකර තිබේ. එසේම නීතීඥ සංගමයටද ලිපියක් යොමුකර තිබේ.
එසේම මෙම පැමිණිල්ල විභාගයේදී අදාළ පැමිණිල්ල සිදුකල ගුවන් හමුදා නිලධාරියාගේ සම්පූර්ණ විස්තරය සහ පැමිණිල්ල කියවා දීමටද සිදුවේ. එසේම අදාළ පැමිණිල්ලේ පිටපතක් මාද්යවේදී තරිඳුට ලබා දීමටද අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු වේ. මේ සිදුවීම නිසා විවිධ නඩුකර ඉදිරිපත් වුවොත් ගුවන් හමුදාධිපති විශ්‍රාම ගියද සෘජුවම අධිකරණය ඉදිරියේ පෙනී සිටිමට ඔහුට සිදු වේ. ඔහුගේ නමට නඩුකර ඉදිරිපත් වුවහොත් ඔහුටද ගැලවීමක් නැත. එසේම අදාළ කටයුතු සිදුකල සියලුම බුද්ධි නිලධාරීන්ගේ විස්තර මෙන්ම ඔවුන් සකසා තිබෙන සිද්ධියට අදාල වාර්තාද අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වේ. එහිදී සිදුවන්නේ බුද්ධි අංශ නිලදාරීන්ගේ නම් ගම් හෙළිදරව් වී ඔවුන්ටද නඩුකටයුතුවලදී විත්තිකරුවන් හෝ චුදිතයන් වීමටය.
අඩුව තියාගෙන අත පුච්චාගැනීමට තරම් ගුවන් හමුධාදිපතිට සහ ගුවන් හමුදා බුද්ධි අංශ ප්‍රධානියා පරිපාලනය ගැන නොදන්නේ නම් එය ගුවන් හමුදාවේම අභාග්‍ය වේ. එසේම මෙරට ජනතාවගේද අභාග්‍ය වේ. කල යුත්තට පිටින් ගොස් තමන්ට වඩා ඉහලින් මැස්සෙක්වත් ඉඟිලීමට නොහැකි බව සිතා කටයුතු කිරීමට තරම් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාධිපති ඇතුළු මේ සිද්ධිය පිලිබඳව වග ජිව යුතු නිලධාරීන් කටයුතු කලේ නම් එය ඔවුන්ගේම අභාග්‍ය වේ. එසේම මේ සිද්ධිනන්ද අපකීර්තියට පත්වන්නේ ජනාධිපතිවරයාය. ඉතාම අමාරුවෙන් ගැටළු දහසක් මැද රට ගොඩනැගීම සදහා කටයුතු කරන ජනාධිපතිවරයාට දිගින් දිගටම ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය. ඒ සියලුම ප්‍රශ්න ඇති කරනු ලැබුවේ මෙවැනි අදක්ෂ පරිපාලනයක් සහිත නිලධාරින් බව දිගින් දිගටම වාර්තා විය.
සමහර විට මෙහි යම් වරදක් සිදුව තිබිය හැකිය. නොමැතිනම් ජාතික ආරක්ෂක මණ්ඩලය වරදවා කටයුතු සිදුකලා යුතු විය යුතුය. නමුත් එහිදී කිසිසේත්ම මෙවැනි වරදක් සිදුවන්නේ නැත. එසේත් නොමැතිනම් පොලිසිය මගින් වැරදි අකාරයකින් මෙම තොරතුර දුන්නා විය යුතුය. නමුත් එයද විශ්වාස කල නොහැකිය. කෙසේ නමුත් ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් ආරක්ෂා කිරීමේ සෘජු වගකීමෙන් ගැලවීමට ගුවන් හමුදාධිපතිට හෝ බුද්ධි අංශ ප්‍රධානියාට නොහැකිය
ගුවන් හමුදාධිපතිට නොදන්වා කවුරුන් හෝ ඊළග ගුවන් හමුදාධිපති වීමේ හෝ ඊටත් පසුව ගුවන් හමුදාධිපති ලෙස පත්කරවා ගැනීමේ කූට අභිප්‍රායකින් බුද්ධි අධ්‍යක්ෂක හෝ වෙනත් නිලධාරින් විසින් ගුවන් හමුදාධිපතිට නොදන්වා මෙය සිදුකලේ නම් එම නිලධාරීන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීමද ගුවන් හමුදාධිපතිවරයා සතු වේ. ඔහු එය කල යුතුව ඇත. උරුලෑවන් මෙන්ම හොරුන්ගෙන් ගහන ආයතනයක වරද දුටු තැන දඩුවම් නොදෙන්නේ නම් ගුවන් හමුදාධිපතිටද සිදුවන්නේ එම ගොඩටම වැටීමටය.