සියඹලාන්ඩුව ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් වත්තේගම, කැබිලිත්ත වන රක්ෂිතය තුළ අක්කර 75 භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ හෙලීමේ 05 වන අදියර ද සාර්ථක ලෙස අවසන් කර ඇත.
මෙලෙස බීජ හෙලීම අවස්ථා 03ක දී ගුවන් හමුදාවේ අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් බල ගණයට අයත් එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානාව මඟින් සිදු කර ඇත.
මේ අකාරයට විවිධ වර්ගයේ බීජ 80,000ක් පමණ ගුවනින් ඉසීම සිදු කර ඇති අතර ඇහැල,මී,කරඳ ,සියඹලා සහ කුඹුක් වැනි බීජ වර්ග මේ අතර විය.
මෙම ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ තිරසර සංවර්ධන ඉලක්කයක් සඳහා වන 2030 වර්ෂය වන විට මෙරට හරිත ආවරණය 32%ක් දක්වා වර්ධනය කිරීමේ අරමුණෙනි.