ගුවනින් හොරෙන් ඇවිත් නීතියෙන්, සැණින් ඉරානයට.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් පැමිණි ඉරාන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේ  ආගමන විගමන නිලධාරීන් විසින් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ඉරානය බලා පිටුවහල් කල බව වාර්තාවේ.

අදාළ පුද්ගලයින් තුර්කි ජාතිකයකු හට යුරෝ 20000ක් ව්‍යාජ නෝර්වේජියානු ගුවන් ගමන් බලපත්‍රයක් සැදීමට ලබාදී ඇති බව ද අනාවරණය වී තිබේ.එමෙන්ම මොවුන් සන්තකයේ තිබී ඉරාන ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ද සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ ස්වීඩනයේ ස්ටොක්හෝම්වෙත පලා යාමට බවත් මෙම පුද්ගලයින් දෙදෙනා 41 වියේ හා 50 වියේ පසුවන අය බව වාර්තා වේ.

Exit mobile version