ගෘහ සේවය සඳහා ඕමානයට යන ශ්‍රී ලාංකික කතුන්ට අඩන්තේට්ටම්

සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන්ට විවිධ අඩන්තේට්ටම් සිදු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එමෙන්ම එලෙස ගෘහ සේවයට පැමිණෙන කාන්තාවන්ගෙන් දිනපතා ලැබෙන පැමිණිලි සංඛ්‍යාව වැඩි වී තිබෙන බව ඕමානයේ මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

තවද පීඩාවට පත් වූ ගෘහ සේවිකාවන් 100 ක් පමණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය වියදම් දරා ආරක්ෂිත ස්ථානයක රඳවා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version