යාපනය – මිරුසවිල් ප්රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක තිබී මස 07ක බිළිඳකුගේ සහ මවකගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ප්රශ්න කරමින් පවතී.
එමෙන්ම මියගිය කාන්තාව සහ දරුවා ජිවත් වූ නිවසේ පසුගිය දිනවල කිසියම් පවුල් ආරවුලක් සිදු වී ඇති අතර ,අනතුරුව අදාළ මව සහ දරුවා නිවසේ පෙනෙන්නට නොවූ බැවින් ප්රදේශවාසින් විසින් පොලීසිය දැනුවත් කර තිබුණි. ඒ අනුව ක්රියාත්මක වූ පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී ගෙවත්තේ ලිඳ තුළ තිබී අදාළ බිලින්දාගේ සහ මවගේ මළ සිරුරු සොයා ගන්නා ලදී.
මෙලෙස මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 40ක් වූ මිරුසවිල් දකුණ ප්රදේශයේ පදිංචි කාන්තාවක් සහ ඇගේ බිළිඳු දරුවායි. අනතුරුව මේ පිළිබඳව චාවකච්චේරි මහේස්ත්රාත් අධිකරණයට දැනුම්දීමෙන් පසු මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයට යොමුකොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.