අද (11) දින දහවල් 01ට.30 පමණ බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය කෙරු සීඝ්ර ගාමී දුම්රියේ ගෙළිඔය කරමඩ විහාරස්ථානය අසලදී මෝටර් රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ.
අනතුරෙන් කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතළ තත්වයේ පසුවූ 61 හැවිරිදි පි.ඒ.පියුමිකා නැමති පිළියන්දල ප්රදේශයේ පදිංචි කාන්තාව මියගොස් ඇති අතර අනෙක් තිදෙනා හදිසි ප්රථිකාර ඒකකයේ ප්රථිකාර ලබයි.
wp-CBH දරණ මෝටර් රථයෙන් මොහුන් සිවුදෙනා ඥාති නිවසක් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මොවුන් සියලු දෙනා පිළියන්දල ප්රදේශයේ පදිංචි කරුවන් වේ.