ගොඩකවල ඩිපෝවේ බස් රථ රියදුරන් දෙදෙනා රිමාන්ඩ්. මගීන් අමාරුවේ.

පල්ලෙබැද්ද කුඹුරුගමුව මාර්ගයේ ගමන් ගන්නා ලංගම බස් රථ දෙකක් කොලොන්න පොලීසිය විසින් අතඩංගුවට ගෙන ඇති අතර රියදුරන් දෙදෙනාම රිමාන්ඩ් කර තිබෙන බවද ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරයි.

එයට හේතුව නම් දැඹේමඩ සහ හෙළඋඩකන්ද ප්‍රදේශයන්වල විසූ වයස අවුරුදු 90ක් පමණ වන කාන්තාවක් සහ තවත් වයසැති පුද්ගලයෙකුගේ මරණයන් සිදුව තිබෙන්නේ මෙම බස්‍ රථවල ගැටීම නිසා බවට සැකකරගෙනය.

නමුදු මෙම දෙදෙනාම මිය ගිය ආකාරය පිළිබදව සැක සහිත බවත්, අනතුරකින් මිය ගියාට වඩා වෙනත් විවිධ කතා රාශියක් ප්‍රදේශය තුල පැතිරී තිබෙන අතර රිය අනතුරක් සිදු වූ බවට ඇසින් දුටු සාක්ශි කිසිවක් නොමැති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති. නමුත් ඒ පිළිබදව අප පොලිසියෙන් තහවුරු කරගැනීමට උත්සාහ නොකලේ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන දේ පළකිරීමෙන් එම මරණ පිළිබදව වැඩි දුරටත් විමර්ශන අවශ්‍ය නම් එය කොලොන්න පොලිසිය විසින් සිදුකරණ බැවිනි.

කෙසේ නමුත් අපගේ මෙම පුවතට හේතුව වුයේ, මෙම බස් රථ දෙකම නොමැති වීම නිසාවෙන් මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩි අසීරුතාවකට මුහුණ පා ඇති බව පෙන්වා දීමටයි

මෙම බස් රථ අලුයම 5.30ට පමණ ගමන් ආරම්භ කර පස්වරු 6ට පමණ ගමනාන්තය නිමා කරන බවත් එම කාලසීමාව අතරතුර පැය 2 න් 2ට පමණ මෙම බස්‍ රථ එම මාර්ගයේ ගමන් ගන්නා නමුත් මේ වන විට කොලොන්න සහ පල්ලේබැද්ද අතර කිලෝ මීටර් 20 ක් පමන දුරකට මගී ජනතාව දැඩි ලෙස අසරණව සිටී.

පාසල් ලමුන් මෙන්ම රැකියා සදහා ගමන් කරන විශාල ජනතාවක් මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට ලක්ව සිටී.

අප මේ පිළිබදව ගොඩකවෙල ඩිපෝවෙන් විමසීමේදි එහි ප්‍රකාශකයෙක් සදහන් කලේ අලුතින් ලබා දීමට බස් රථ මෙන්ම රියදුරන්ද නැති බවයි.

(මහජන ප්‍රකාශ මත පමණක් මෙම ලිපිය සකසා ඇත. මෙහි අවශ්‍යතාවය වන්නේ මෙම මාර්ගයට හැකි ඉක්මනින් බස් රථ යෙදවීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම පමණි)

Exit mobile version