ගොඩකවෙලදී වෛද්‍යවරයෙකුට පහර දෙයි. දෙදෙනක් රෝහල් ගත කරයි. රෝහල් කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක.

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයට දින 15 කින් පමණ ඉන්ධන ලැබී නැති බැවින් එම ප්‍රදේශයේ ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයන්ද දැඩි පීඩාවකට ලක්ව සිටි. මීට  දින 15 කට පෙර පැමිණි අවසන් ඉන්ධන බවුසරයේ ඉන්ධන ලබා දී තිබෙන්නේ සෞඛ්‍ය සේවකයන්ට පමණි.

අද (16) ගොඩකවෙල වෙල්රෝ ප්‍රයිවට් ලිමිටඩ් වෙත ඉන්ධන බවුසරයක් පැමිණීමට තිබු අතර එහි ඉන්ධන ලීටර් 6200 ක් පමණ  තිබෙන බවද සදහන් වේ. එම ඉන්ධනද සෞක්‍ය සේවකයන්ට ලබා දීම සදහා නිර්දේශ කර තිබුණි. නමුත් කුස ගින්නේ සිටින, මාසික වැටුප් නොලබන සාමන්‍ය වැසියන් සහ කුලී රථ රියදුරන් වැනි රජයට බරක් නැති අසරණ ජනතාව තව තවත් අසරණ වී තිබෙන්නේ ඉන්ධන නොමැති නිසාය.

එම හේතුවෙන් එම සාමාන්‍ය වැසියන් ඉන්ධන ලීටර් දෙක බැගින් ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී. නමුත් මෙසේ පහරකෑමට ලක් වූ වෛද්‍යවරයා එයට විරුද්දව තිබේ. එම ආරවුල විසදීම සදහා ගොඩකවෙල පොලිස් ස්තානධිපතිද මැදිහත්ව සාමන්‍ය වැසියන්ටත් ඔවුන් ඉල්ලන ලීටර් 2 ලබා දී නිතිය හා සාමය පවත්වාගෙන යාමට ඉල්ලා සිටියත් අදාළ වෛද්‍යවරයා එයට අකමැතිව තිබේ. එයින් කුපිත ජනතාව වෛද්‍යවරයාට සහ තවත් සෞඛ්‍ය සේවකයන් කිහිපදෙනෙකුට පහරා දී සේවකයන් දෙදෙනකු රහල ගත කර තිබේ.

එම පහරදීම කල පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා ලෙසත් අත් අඩන්ගුවට ගන්නා තෙක් වැඩ වර්ජනයක් කිරීමටත් කහවත්ත, ගොඩකවෙල, පල්ලෙබැද්ද, රන්වල ආදී රෝහල් වල වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය තීරණය කර තිබේ.

මීට පෙර සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන්  මෙම ඉන්ධන පිරවුම්පොලට ඉන්ධන පැමිණි අවස්ථාවේ අබාධිත දරුවන් දෙදෙනෙකුට නුවර සහ කොළඹ තිබෙන වෛද්‍ය සායන වෙත යාමට ඉන්ධන ඉල්ලා ඇති අවස්ථාවේදීද එදින සිටි වෛද්‍යවරුන් අකැමත්ත ප්‍රකාශකර තිබෙන අතර එදිනද වෛද්‍යවරුන්ට එරෙහිව ජනතාව නැගී සිටිමට කටයුතු කරන ලද  අවස්ථාවේ ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති විසින් එම අබාධිත දරුවන් වෙනුවෙන් ඉන්ධන ලබා දීමට මැදිහත්ව තිබේ.

ජනතාවගේ පැත්තෙන් වෛද්‍යවරුන්ගේ ක්‍රියාවලිය අනුමත කල නොහැකි වුවත්, එසේ කුපිත වූ ජනතාවගෙන් කිහිප දෙනෙකු එහි සිටි රජයේ ලියාපදිංචි මාධ්‍යවේදියෙකුටද කර තිබේ. ඔහු ඒ පිළිබදවද ගොඩකවෙල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

වෛද්‍යවරයාගේ සිද්ධියේදී ජනතාවගේ පැත්තෙන් බැලුවිට ජනතාවගේ කුපිත වීම නිවැරදිය. නමුත් පහරදීම අනුමත කල නොහැකි පහත් මෙන්ම ම්ලේච්ඡ ක්‍රියාවලියකි. එයින් පෙන්වනුයේ නූගත් ගෝත්‍රික සංකල්පයන් විනා ආගමික හෝ නූතනයට ගැලපෙන  සමාජ විද්‍යාත්මක සංකල්ප වලින් සැදුම් ලත් දියුණු සමාජ ගති ලක්ෂණ නොවේ. වෛද්‍යවරුන්ට වැටුපක් පවා ලැබෙන අතර තම රැකියාවන් කර ගැනීමට නොහැකි අසරණ ජනතාවට ඉන්ධන ලීටර් 2 බැගින් දුන්නේ නම් උපරිම වාහන 500 කට දුන්නත් සෞඛ්‍ය සේවකයන් සදහා ඉන්ධන ලීටර් 5200 ක් තිබේ.

කෙසේ වෙතත් සියලුම දෙනා වෙනුවෙන් පෙනී සිටින, සාමන්‍ය ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන්, ඒවා විසදීමට සෘජුවම මැදිහත්වන මාධ්‍යවේදියෙකුට දැන දැනම තර්ජනය කිරීමද ම්ලේච්ඡ ගති පිරි මිනිසුන්ගේ ගෝත්‍රික ක්‍රියාවකි. ඔවුන්ගේ නූගත්කම කෙතරම්ද යත් ඔවුන් වෛද්‍යවරයාට පහරදී ඇත්තේ හතරවටේම CCTV කැමරා තිබියදීය. ඔවුන් කල සියලුම වැඩ CCTV දර්ශන වල සදහන් වේ.

මේ සිද්දීන් දෙකටම අයත් පුද්ගලයන් සහ කණ්ඩායම සොයා ගොඩකවෙල පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මාධ්‍යවේදියාට තර්ජනය කිරීම පිලිබදව ගොඩකවෙල පොලිසියට අමතරව පොලිස් මූලස්ථාන මට්ටමින් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලදාරියෙක් අප වෙත ප්‍රකාශ කරන ලදී. එසේම ඔහුගේ ආරක්ෂාව තහවුරුකිරීමට අවශ්‍ය කටයුතුද සිදු කරන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

Exit mobile version