ගොඩකවෙල නගරය ඩෙංගුවලින් පිරෙයි – බළධාරීන් නිහඬයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල නගරයේ විශාල පිරිසකට මේවනවිට ඩෙංගු රෝගය වැළදී තිබෙන බව අප කළ ගවේෂනයකදී අනාවරණය විය.

අප ලබාගත් තොරතුරු වලට අනුව ඩෙංගු රෝගීන් 20 දෙනෙකුට අධික ප්‍රමාණයක් ගොඩකවෙල නගරයේ විවිධ ස්ථානවල සිටින නමුත් තවදුරටත් එය පැතිරීම වළක්වා ගැනීම සදහා වගකිව යුතු බළධාරීන් කිසිවකුගේ අවදානය මේ වනවිට යොමුව නැති බව දක්නට ලැබේ.

තවත් නොබෝ දිනකින් පාසැල් ආරම්භ වීමට තිබෙන නමුත් මෙම රෝගය පැතිරීම වළක්වා ගැනීම සදහා කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම පිළිබදව ප්‍රදේශවාසීන් විසින් බළධාරීන්ට එරෙහිව තම අප්‍රසාදය පල කරයි.

රාජ්‍ය නිලධාරීන් ලෙස ඔහුන්ට ලැබෙන වැටුප ලැබෙන්නේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව විසින්ම ගෙවනු ලබන බදු මුදලිනි. ඔහුන්ට එසේ වැටුප් ගෙවන්නේ මහජන ආරක්ෂාව හා සේවය වෙනුවෙනි. එසේ නොකිරීමෙන් අදාළ රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව ආයතන සංග්‍රහය යටතේ සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතු වූවත් ශ්‍රී ලංකාවේ පවතින රාජ්‍ය සේවා නිලධාරීන්ගේ “රාජ්‍ය සේවා මාපියාව” හේතුවෙන් අදාළ නීතීන් කුනුකූඩයට  තල්ලුවී තිබේ.

Exit mobile version