ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති හොරෙන් වතුර අරන්.

ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති උපාලි චන්ද්‍රසේන මහතා විසින් වංචනික ලෙස ජලය ලබාගෙන ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ඔහුට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකය මගින් රුපියල් හයලක්ෂ හැටඅට දහසක (රු.668,000) දඩයක් නියම කිරීමට කටයුතු කර ඇති බව වාර්තා.

මේ පිළිබඳව අරුණ පුවත්පත තුළින් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම පුවත්පත වාර්තා කර ඇති පරිද්දෙන් මෙම වංචාව මොහු වසර 02ක් පුරාවට සිදුකර ඇත.

කෙසේ නමුත් මේ පිළිබඳව අරුණ පුවත්පත ඔහුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ මෙවැන්නකි,

“මේ ඉඩමයි ගෙදරයි මගේ නෙවෙයි.මේකෙ ජල සැපයුම මගේ නමට ගත්තට මම කවදාවත් මේකෙන් හොරෙන් වතුර ඇදළා නෑ.මට විරුද්ධව මේ ඉඩම පිටුපස ඉන්න සහෝදරයා තමයි පෙත්සම ගහලා තියන්නේ.මමයි සහෝදරයයි අතර ප්‍රශ්නයක් තියනවා.ඒ නිසා එයාලටත් එක්ක අරන් තිබ්බ වතුර සම්බන්ධතා ඉවත් කළා.ඒ කළේ ජල සම්පාදන මණ්ඩලයේ අවසරයක් නැතිව.ඒ අයට කීවත් ඒ අය කරන්නෙත් ඒකම තමයි.නමුත් ඒ විදියට නොදන්වා කරපු එකටයි තිබුණ ඇරියස්වලටයි තමයි මේ මුදල ගෙව්වේ.දඩ කාලා නෙවෙයි.”   

Exit mobile version