ගොඩකවෙල ප්‍රාදේශීය සභාව ජාතික ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලබයි.

2020 පැවති වසරේ ජාතික ඵලදායිතා සම්මාන තලගාවලියේදී පලාත් පාලන ආයතන 300 කින් තෙවන ස්ථානය දිනා ගැනීමට ගොඩකවෙල ප්රාදේශීය සභාව සමත්ව තිබේ.

මෙහිදී ප්රථම සහ දෙවන ස්ථාන නොතිබු අතර තෙවන ස්ථාන තුනක් නම් කර තිබුණි.

ඒ අනුව අද (15) පැවති සම්මාන ප්රධාන උත්සවයේදී ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා විසින් සම්මානය සහ සහතික පත්‍රය ලබා ගන්නා ලදී.

ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු සියලුම නිලධාරී මඩුල්ලට රාවණා අපේ සුබ පැතුම්.

Exit mobile version