ගොඩකවෙල පොලිස් ස්ථානයේ සේවය කරන බොහෝ පොලිස් නිලධාරීන්ගේ විවිධ දුෂිත ක්‍රියාකාරකම් රාශියක් අපවෙත සාක්ෂි සහිතව වාර්ථා වී තිබේ. එවන් පසුබිමක් අද රාත්‍රී 7.56 ට පමණ යතුරු පැදියෙන් ගමන් ගත් පුද්ගලයෙකුගේ රක්ෂණ සහතිකයක් කැලයට විසි කරන අයුරු දැක්වෙන වීඩියෝ පෙළක් අපවෙත ලැබී තිබේ.
ගොඩකවෙල නගරයේ සිට බලංගොඩ මාර්ගයේ ගල්කුලුගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක කරමින් තිබෙන පොලිස් හදිසි පරීක්ෂාකිරීමකදී මෙය සිදු වේ.
වීඩියෝ දර්ශන වලට අනුව පොලිස් ත්‍රිවීල් රථයක් සහ යතුරු පැදියක් එම ප්‍රදේශයට ගමන් කරන අතර යතුරු පැදියේ ගමන් කරන නිලධාරියා හෙල්මට් එකක්ද පැලදගෙන නැත. එම යතුරු පැදියේ පසුපස තවත් සිවිල් පුද්ගලයෙකුද සිටී.
සිද්ධියට මුහුණ දුන් යතුරුපැදිය නැවැත්වීම සදහා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාර්ගයට බැස විදුලි පන්දම් එලි දෙකක් යතුරුපැදිකරුගේ මුහුණට එල්ලකරන අතර එක්වරම එල්ලකරන එම විදුලි පන්දම් එළි නිසා යතුරු පැදිය පාලනයෙන් ගිලිහී පොලිස් නිලධාරීන් දෙදෙනාටද අනතුරක් සිදු නොවී බේරෙන්නේ අනුනමයෙනි. එය එසේම වු බවට පොලිස් නිලධාරීන්ට නොතේරුනේ නම් ඔවුන් සිටිය යුත්තේ බීමත්වය.
කෙසේ වුවත් රට පුරාම පොලිස් නිලධාරීන් රාත්‍රී රාජකාරි කිරිමේදී විදුලි පංදම් එලි රියදුරන්ගේ මුහුණට එල්ල කරනු දක්නට ලැබේ. අප පසුගිය කාලයෙහි එය වාර්ථා කල අතර එයට හේතුව ලෙස අප වාර්ථා කලේද රාත්‍රී රාජකාරි සදහා පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිලධාරීන්ට ලබා දිය යුතු විදුලි පනිදම් මෙන්ම ආරෝපණ ලබා නොදීම එයට හේතුව බවයි.
අද සිදුවීමටද හේතු එය විය හැකි වුවත් යතුරුපැදි කරු මාධ්‍යවේදියෙක් වන අතර ඔහු ගමන් කරමින් සිටියේද පුවතක් ලබාගැනීමටය.
පාර මැදට පැමිණෙන පොලිස් නිලධාරීන්ගේ ඇගේ යතුරු පැදිය ගැටුනේ නම් ස්ථීර වශයෙන්ම එම පොලිස් නිලධාරීන් මෙම මාධ්‍යවේදියාට නඩු පවරනු ඇත. එසේම එහි සිටින එක් පොලිස් නිලධාරීයෙකු මාධ්‍යවේදියා කව්ද යන්න හදුනා ගන්නා අතර යතුරු පැදිකරු ” රාළහාමිලා පාරට පැනල ටොච් එක අල්ලන්න එපා” කියන විට “ඇයි එපා කියන්නෙ , ඒක අපේ වැඩක්” ලෙස ප්‍රකාශ කරන අතර, එහිදී මාධ්‍යවේදියා ” එපා කියන්නෙ, තව පොඩ්ඩෙන් ඔයාලගේ ඇගේ මම වදිනවනෙ” ලෙස ප්‍රකාශ කිරීමත් සමග උරන වු පොලිස් නිලධාරිියා , ශ්‍රී ලංකාවේ බහුතරයක් පොලිස් නිලධාරීන් සතුව තිබෙන, නුගත් ගතිය මතු කරගෙන ඔහුව දැඩි පරක්ෂාවකට ලක් කරයි. ඒවා සියල්ල යතුරු පැදියේ පසු පස සිටි පුද්ගලයාගේ කැමරාවේ සටහන්ව තිබේ.
ඒ අතරතුර යතුරු පැදියට අයත් රක්ෂණ කාඩ්පතක් එම පොලිස් නිලධාරියා කැලයට විසිකරන අතර එහිදී වචන හුවමාරුවක්ද සිදු වේ. ඒ නුගත් පොලිස් නිලධාරීයාගේ නිල ඇදුමේ උණුසුමයි. එසේම පසුව පුලුවන් දෙයක් කර පෙන්වන ලෙසද එම පොලිස් නිලධාරියා අභියෝග කරන අයුරුද දැක්වෙයි.
එම සිද්ධිය පිළිබදව ගොඩකවෙල පොලිස් ස්ථානාපතිවරයාට පැමිණිලි කරන අයුරුද සටහන්ව තිබේ. ඒ අනුව ස්ථානාධිපතිවරයා මේ වන විටත් එම නිලධාරියාට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම පොලිස් ස්ථානය පිළිබදව අප මීට පෙරද වාර්ථා කරන ලදී. මෙහි සිටින බොහෝ නිලධාරීන් විවිධ දේශපාලන බලත් අත් වන අතර ඔවුන් බහුතරයකගේ නිවෙස් පිහිටා තිබෙන්නේද ගොඩකවෙල අවටය. පවුල් පිටින්, නෑදෑයන් පවා මෙම පොලිසියේම සෙිවය කරන අතර, බොහෝ පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වන්නේ විවිධ දුෂිතයන්ට අවශ්‍ය ලෙසය.
තවත් නිලධාරීන් කණ්ඩායමක් මෙම පොලිසියට පැමිණෙන ස්ථානාධිපතිවරුන්ටද ඉහලින් ක්‍රියාත්මක වේ. ඒවා මොනවාද යන්නද සාක්ෂි සහිතව අප ආයතනය සතුව තිබේ.
කෙසේ වුවත් අද මෙම සිදුවීමට හේතුව පොලිස් නිලධාරීන් සතුව රාත්‍රීයට භාවිතා කරන විදුලි පන්දම නොතිබීමයි. ඒ හේතුවෙන් තවත් සිද්ධි ගණනාවක් සිදුව තිබේ. ඔවුන්ට අවශ්‍ය විදුලි පන්දම් ලබා දී තිබුණේ නම් හෝ ඔවුන් එෟවා භාවිතා කලේ නම් හෝ සහ, ඔවුන් POLICE යන අකුරු වල සිංහල තේරුම තම මුලික පුහුණුවේදී හෝ ඉගෙන ගෙන රාජකාරිය කලේ නම් හෝ මෙවැනි තත්වයක් උදා නොවේ.
මෙම සිද්ධිය කෙසේ වෙතත් මෙම පොලිසිය තුල ඉතාම හොද පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටිති. මනුෂ්‍යත්වයේ නාමය නොදන්නා මෙවන් ත්‍රාඩ පොලිස් නිලධාරීන් ගැන අපට අමුතුවෙන් ලිවීමට දෙයක් නැත. රටටම අමාරු කාලයේ, මෙම නිලධාරීයාට එරෙහිව කටයුතු කර ඔහුගේ රැකියාව අනතුරේ ගහලීමට අපට අවශ්‍ය නොමැති නිසා, එම කිසිිිි වීඩියොවක් ප්‍රසිද්ධ නොකිරීමටද වෙබ් අඩවියේ කතෘ සහ ආයනයේ හිමිකරු යන දෙදෙනා විසින් තීරණය කරන ලදී.