ශ්‍රී ගෞතම ශාක්‍යමුණීන්ද්‍රයන් වහන්සේගේ තෙමගුල සිහි කරනු වස් මෙවර පැවැත්වෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගොඩකවෙල සහ පැල්මඩුල්ල ප්‍රදේශවල දන්සල් සිය ගණනක් ඊයේ (05) සහ අද (06) දින මේ වන විටත් පැවැත්වෙයි.
පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ පමණක් දන්සල් 53 ක් තිබුණු බවත් ගොඩකවෙල ප්‍රදේශයේත් ලියාපදිංචි දන්සල් 50 කට ආසන්න සංඛ්‍යාවක් තිබී ඇත. එසේම අද ද (06) ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශවල දන්සල් තිබෙන බව දක්නට ලැබේ.
ජනාධිපති කාර්යාලයේ සිට සියලුම පරිශ්‍රවල තිබෙන ආර්ථික ගැටලු අමතක කර දමමින් සියලු දෙනා තමන්ට හැකි අයුරින් මෙවර වෙසක් උත්සවය සැමරීම විශේෂත්වයකි.
ගොඩකවෙල ශාන්ත සැලුන් ආයතනය මගින් පාසල් ළමුන් සදහා කොණ්ඩ කැපීමේ දන්සලක් ද ඊයේ (05) පැවැත්වුණි. එසේම ගොඩකවෙල නගරයේ ද පැල්මඩුල්ල , ඇඹිලිපිටිය , රත්නපුර , ගාල්ල , මාතර , හම්බන්තොට , තිස්සමහාරාමය , මහනුවර , කතරගම ,අනුරාධපුර , මිහින්තලය , කුරුණෑගල ආදී ලෙස සමස්ත ලංකාවම ආවරණය කරමින් දන්සල් හත්දහසකට අධික ප්‍රමාණයක් තිබුණු බව විවිධ වාර්තාවලින් දක්නට ලැබේ.
සමහර දන්සල්වල කිලෝමීටර් ගණනාවක් දුරට ජනතාව පෝලිමේ රැදී සිටින අයුරු දක්නට ලැබුණු අතර දන්සල් ලබා දුන් සමහර ගොඩනැගිලි , තාවකාලිකව ඉදි කරන ගොඩනැගිලි ද මීටර් 100 , 200 තරම් දුරට විහිදී තිබෙන බවට දක්නට ලැබුණි.
විවිධ ප්‍රදේශවල සංචාරය කරන සංචාරකයන්ට කුසගින්න නිවා ගැනීම සදහා මෙලෙස දන්සල් ඉදි කිරීම එම නගරවල ව්‍යාපාරිකයින් සහ ත්‍රී රෝද රථ සංගම් මෙන්ම වෑන් රථ සංගම් විසින් ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.එසේම පොහොය දිනය ඉලක්ක කරගෙන සෑම නගරයකම මෙම දන්සල් සංවිධායකයින් විසින් දැවැන්ත උද්යෝගයකින් සහ වෙහෙස මහන්සිය නොබලා පැමිණෙන ජනතාව වෙනුවෙන් මෙසේ දන්සල් ලබා දීම සුවිශේෂ කටයුත්තකි. එසේම මෙම ක්‍රියාවලින් දක්නට ලැබෙන්නේ ශ්‍රි ලංකාවාසී බෞද්ධ ජනතාව තමන්ට හැකි උපරිමයෙන් තමන්ට දැනෙන ආකාරයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම පිණිස අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.