මෙවර යල කන්නයේදී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වන විට මුළුමනින්ම පාලනය කර ඇති බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක විසින් මෙම කාරණය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයේ (16) දින දැනුම් දුන් බව සදහන්.
තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සදහා බියට පත් නොවන ලෙසත් ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් එම උපදෙස් පිළිපදින ලෙසත් ඔහු සදහන් කර තිබේ.
එමෙන්ම මෙම දළඹු හානිය මගින් කිසිසේත්ම සමස්ත අස්වැන්නටම බලපෑමක් සිදු නොවන බවත් ඒ සම්බන්ධව සැකයක් ඇති කරගත යුතු නැති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.