සමාජ මාධ්‍ය ඔස්සේ ගාල්ල ප්‍රදේශයේ විමල් ජයසේකර නමැත්තෙකු විසින් විදෙස්ගතව සිටිනමින් සිය මුහුණු පොත තුළ පළකර තිබුණේ මෙවැන්නකි.
“මා, මේ කතාව කියන්නේ වත්මන් පොලිස්පතිවරයා, එම තනතුරේ වැඩ බාර ගැනීමෙන් පසුව ඉඳලාය. මේ සටහන ඔහුට බැලීමටත් හැකියාවක් ඇත. උසස් නිලයන්ගෙන් හැඩවී ලොකු පුටුවල විරාජමානවී සිටිනා පොලිසියේ මරි මෝඩ අලුගුත්තේරු ලොක්කන්ගේ ඇතැම් පජාත ක්‍රියාවන් නිසා මහජනයා ඉදිරියේ ඔවුන් කොපමණ දෝෂදර්ශනයට ලක්වනවාදැයි නොකිවමනාය.
මම, ශ්‍රී ලංකා පොලිසියට බැඳී වසර 29 කි. මා වටකර, මට බෙදන්නට උත්සාහ කලද මගේ යහ ගමනේ ජරාව නොමැති නිසා ප්‍රසිද්ධියේ විවේචනය නොබියව කරමින්, එකදු චෝදනා පත්‍රයක්වත් නොලබා පොලිස්පති ප්‍රසංසා 8 ක් ඇතිව සාඩම්බර ගමනක් පැමිණියෙමි.
මා කොතෙක් සුදුසුකම් සහ ප්රවීනතාවයන්ගෙන් සැදුම්ලත් නිලධාරියෙකු වුවත්, ඒවා සැලකිල්ලට නොගෙන නිසි ක්‍රමවේදයක් යටතේ උසස්වීම් ලබාදීමට පොලිසියේ ක්‍රමවේදයක් නොමැතිවීමෙන් මේ කතාවේ, කාන්තා පොලිස් නිලධාරිනියකගේ බෙල්ලෙන් අල්ලා තල්ලුකිරීම කරනු ලබන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැන්නවුන් බිහිවිය හැකිය.
පොලිසියේ ප්‍රවීනතාවය මදක් අඩු නිලධාරියෙකු සිටිනා විට, ඔහු B.O. (bicycle officer) ලෙස රාජකාරි යොදවනු ලබයි. ඇතැම්විට ඔහුගේ රාජකාරිය වන්නේ, නිලධාරීන්ගේ රාජකාරි පෙන්වීම, විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම, නඩු භාණ්ඩ හැටියට ගවයින් හෝ එළුවන් සිටියොත් උන්ගේ ආහාර පිළිබඳ සොයා බැලීම වන අතර, සියළු උවමනාවන් සඳහා නිසි වගකීමක් මේ යැයි බාරව නොමැති නිලධාරියෙකු පොලිසිවල ඇත.
ඔය කියන ඉහත නිලධාරියාත්, ආපනශාලාවේ තේ හදාපු එකාත් පොලිසියේ උසස්වීම් පටිපාටිය යටතේ තරු පළඳිනු ලැබීය. පොලිසියෙන්, ප්‍රජාවේ වෙසෙන මිනිසුන්ට තාඩන, පීඩන සහ අසාධාරණකම් සිදුවන බවට කවුරුත් දන්නා කතාවකි. ඒ කතාව හෝදන්නට දෙයක් නැත.
එමෙන්ම, දේශපාලන බල පුළුවන්කාරකම් ඔස්සේ චොදනාපත්ර 09 ක් තිබුන එකාත්, පොලිස්පතිට කියා ඒවා අයින් කරවාගෙන උසස්වීම් තුනක් වගේ ඇන්ද දූෂිතයිනුත් මේකෙ ඇත.
පොලිස් නිලධාරීන්, ඔවුන් රැඳී සිටින තනතුර සඳහා ඒ තනතුරේ පුහුණුව ලබා ඇත්නම්, එය ඉතාම සුළු වශයෙනි. එහෙනම්, ඒ කතාව ඔවුන් රැඳී සිටිනා තනතුරට හැඩ නොගැසුන අය බවට පොලිස්පතිවරයා පිළිගත යුතුය.
ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු, ඔහුට නිකුත්කර තිබූ රාජකාරි රිවෝල්වරය නැතිකරගත් පසු, මා විසින් එය සොයාදුන් කතාව මෙහි ලීවා ඔබට මතක ඇති. ඔහු දැන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. මට මේ දිනවල පොලිසියන් කර ඇති අනීතික ක්‍රියාවක් වෙනුවෙන්, සාධාරණය උදෙසා ඔහුගෙන් උදව්වක් ඉල්ලුවෙමි. ප්‍රතිචාරයක් තවමත් නැත. එහෙව් එකාගේ රෙදි උනා දමන්නට මා නොපැකිලෙමි. ඒ කතාව නම්ගම් ඇතිව ලඟදීම බලාපොරොත්තු වන්න.
ආයෙම, ප්රස්තූත මාතෘකාව දෙසට හැරෙනවානම්, බෙල්ලෙන් ඇල්ලූ කාන්තා පොලිස් නිලධාරිනිය ගේ මෙන්ම, එම සිද්ධියේම, ඊට පෙර කාන්තාවගේ ඇඟට අත තබා තල්ලු කිරීමද අනීතික ක්‍රියාවකි. මේවා කරන්නේ, පැළඳ සිටින තනතුරේ පුහුණුව ලබා ඇති නිලධාරීන්දැයි මට තවමත් සැකයකී………..”