ගොවිකම් කරන රජවරුන්ට සහනාධාරයක්.

කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර මත දිස්ත්‍රික්ක 07ක වී වගා කරන අඩු ආදායම්ලාභී පවුලක් සඳහා රුපියල් 15,000ක මුදලක් මුදල් ආධාර වශයෙන් ලබා දීම ආරම්භ කරන බවයි.

එම කටයුත්ත ජනවාරි මස සිට ආරම්භ කිරීමට නියමිත බව ද එම අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම ආධාර ලබා දීමට නියමිතව ඇත්තේ යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා වන අතර මාසික ආදායම රු.41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා මෙම ආධාර හිමිවන බව  ද වාර්තා වේ.

Exit mobile version