ගොවිපළේ ආරක්ෂාවට යෙදූ විදුලි රැහැනක් පයේ පැටලී පුද්ගලයෙකු ජීවිතක්ෂට.

මහව උක්වත්තේගම ප්‍රදේශයේ ගොවිපළක් පවත්වාගෙන ගිය මැදගම ප්‍රදේශයේ පදිංචි  57 හැවිරිදි පුද්ගලයෙකු තම කුකුල් ගොවිපළ බල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීමට බල්ලන් ඇතුළු වීම වැලැක්වීම සදහා විදුලි රැහැන් ඇද තිබුණි .

ඊයේ (22) දින පස්වරුවේ ගොවිපළ වටා ඇද තිබු විදුලි රැහැනක් එම පුද්ගලයාගේ පයේ පැටලී විදුලි සැර වැදීමෙන්  ජිවිතක්ෂට පත් වූ බව සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයෙන් හෙළි වූ බව වාර්තා වේ.

Exit mobile version