ගොවියන්ගේ කන්නලව්වට පිළිතුරු  ලැබෙයි.

ගොවීන් සඳහා අවශ්‍ය කරන පොහොර දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ නිකුත් කිරීමට අද (16) කටයුතු සූදානම් කර තිබේ.

ලෝක බැංකු ප්‍රතිපාදන මත මෙරටට ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණයක් මෙසේ නිකුත් කිරීමට කටයුතු කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉදිරියේදී ද තවත් යූරියා නෞකා 03ක් මෙරටට ළඟාවීමට නියමිත බැවින් ගොවීන්ට වගා කටයුතු සඳහා අවශ්‍ය තරම් පොහොර පවතින බවත් මෙනිසා යළි කිසිදු අවස්ථාවක සහල් ආනයන කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

ලෝක බැංකු ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට පැමිණි දෙවන යූරියා පොහොර නෞකාව ගොඩබෑමේ අවස්ථාව නිරීක්ෂණයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් පොහොර නිකුත් කළ බවත් , පොහොර තොග අවශ්‍ය පරිදි පවතින පැවසුව ද තවමත් පොහොර නොලැබුණු බවට හඬා වැළපෙන ගොවීන් රටේ විවිධ ප්‍රදේශවල සිටින බව වාර්තා වේ.එමෙන්ම ඇතැම් පොහොර බෙදා හරින නිලධාරීන් විසින් සිදුකරන වංචාවන් සම්බන්ධයෙන් ද අප පසුගියදා අනාවරණය කරන ලදී.

බලධාරීන් විසින් මෙවැනි සිදුවීම් පිළිබඳව අධීක්ෂණයෙන් යුතුව කටයුතු කළ යුතුව ඇත.

https://www.ravanalankanews.lk/16762/10/%e0%b7%80%e0%b7%90%e0%b7%80%e0%b7%92%e0%b7%85%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%87%e0%b6%b8%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85/17/12/
Exit mobile version