ගොවි ජනතාව ගොවිතැන් කරන්නේ විනෝදාංශයට නෙවෙයි – අනුර දිසානායක

පසුගිය දා පැවති පාර්ලිමේන්තුවේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ ගොවි ජනතාව ගොවිතැන් කටයුතුවල නිරතවන්නේ විනෝදාංශයකට නොවන බවත් , ඔවුන් සිය ජීවිතයේ සියලු ගැටලු විසඳාගනු ලබන්නේ මෙම ගොවිතැනින් ලැබෙන ආදායමෙන් බවත් ය.

ඔහු පෙන්වා දෙන්නේ රසායනික පොහොර තහනම් කිරීමට ගෙන ඇති තීරණය “කටින්” සහ “ඇඟෙන්” ගතයුතු තිරණයක් නොවන බවය.

ගොවීන් තමන් සතු සියල්ල  උගසට තබා හෝ ණයක් ලබාගෙන මෙම ගොවිතැන් කටයුතු සිදු කරන අතර මෙවැනි තත්ත්වයක් උදාවීමෙන් ඔවුන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බවට සැකයක් නොමැත.

අප ශීත කාමරවල සිට කෘෂිකර්මාන්තය ගැන කතා කරනවා.නමුත් ගොවි ජනතාව ජීවත් වීම පිළිබඳව අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය උගසට තබා සිටිනවා.

Exit mobile version