ඊයේ (21) පැවති සාකච්ඡාවකදී තත්වයෙන් බාල කෘමි නාශක හා වල්නාශක බෙදාහරින අලෙවිසල් පරික්ෂා කොට වැටලීම සඳහා පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්යංශය ප්රකාශ කර තිබේ.
එමෙන්ම එහිදී අනාවරණය වී තිබෙන්නේ ඉහළ මිල ගණන් යටතේ තත්වයෙන් බාල කෘමි නාශක අලෙවි කොට ගොවි ජනතාව අපහසුතාවයට පත් කරන බවයි.
තවද එම සාකච්ඡාවට එක වූ පලිබෝධනාශක බෙදාහරින ආයතනවල නියෝජිතයින් පෙන්වා දී තිබෙන්නේ ප්රමිතියෙන් බාල කෘමිනාශක සහ වල්නාශක ගොවියන් විසින් බෝගවලට යොදන අතරතුර ඒවා විෂවීම නිසා ගොවින් 54 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි.