ගොවීන්ටත් QR එකක්.

ගොවීන්ට පොහොර , බීජ ආදිය ලබා දීම සඳහා ඉදිරියේදී QR කේතයක් හඳුන්වා දීමට කටයුතු කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‍යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවති කෘෂි ව්‍යවසායකයන් පිරිසක් විසින් සංවිධනය කරනු ලැබූ පුද්ගලික ව්‍යවසායකත්ව වැඩ මුළුවකට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ගොවීන් පොහොර ගැටලුව නිසා බොහෝ සෙයින් පීඩාවට පත් වූ බවත් , මෙම වර්ෂයේ දී පොහොර ඇතුළු තවත් සහන ලබා දීමට කටයුතු කරන බවත් ය.

වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,

අපි කෘෂි කේෂ්ත්‍රයේ ඉදිරියට යන්න නම්, ගන්න ඕනේ පියවර රැසක් තියෙනවා. ඒක පොහොර දීම විතරක් නෙමෙයි. අපි පොහොර ටික දීලා දැන් හරි කිව්වොත් ඒක නිවැරදි නෑ. ගොවීන්ට තිබුණ ලොකුම ප්‍රශ්නය රසායනික පොහොර අපි දෙන්න පටන් ගත්තා. එන කන්නය දැන් සම්පූර්ණ ආරක්ෂාව අපි දීලා තියෙනවා. ඊයේ අවසාන තීන්දුව ගත්තා ජනපති ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ දී. කැබිනට් මණ්ඩලයට සඳුදා යොමු වෙනවා. පොහොර ප්‍රශ්නයක් එන කන්නය තුළ ඇති විය නොහැකියි. මඩ පොහොර දැනටමත් ඒ ප්‍රදේශවලට යවලා තියෙනවා. එන සතියේ සඳුදා වෙද්දි පොහොර ඔක්කෝම බෙදලා ඉවර කරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ පොහොර ලබාදීමේ කටයුත්ත ආණ්ඩුව කළ යුතු නෑ කියලා. ඒකට පෞද්ගලික අංශය අපි සම්බන්ධ කර ගත යුතුයි. ඔබට ආරධනා කරනවා ඉදිරියේ දී පොහොර වැඩසටහන්වලට ජනාධිපතිතුමාගේ රජයේ අදහස රාජ්‍ය අංශය මැදිහත්වෙලා අනවශ්‍ය වියදමක් දරන්න ඕනේ නෑ. ගිය වතාවේ පොහොර ප්‍රවාහනයට පමණක් බිලියන 6.7ක් වියදම් කරලා තියෙනවා. “

Exit mobile version