මෙවර මහ කන්නය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් වලින් නැවත අය නොකරන මුදලක් ලෙස හෙක්ටෙයාර එකකට රුපියල් 10,000 හා හෙක්ටෙයාර් 2කට රුපියල් 20,000 බැගින් රුපියල් බිලියන 8ක් ගොවින් අතර බෙදා දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගන්නා ලදී .
මෙම බෙදා දීමට නියමිතව තිබු මුදල් ගොවීන්ගේ ගිණුම් වලට බැර කිරීමට පෙර ගොවිජන මධ්‍යස්ථානවලට ලබා දී ඇති ගිණුම් අංක නිවැරදිද යන්න ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් පරික්ෂා කරන ලෙස දැනුම් දුන්නද ඇතැම් ගොවිමහතුන් එය හරිහැටි සිදු නොකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එසේ ගොවිමහතුන් ලබා දුන් වැරදි ගිණුම් අංක නිසා ඔවුන්ගේ ගිණුම් වලට බැර කරන ලද මුදල් වලින් රුපියල් මිලියන 1300ක් ආපසු පැමිණ ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.