ගොවීන් උද්ඝෝෂණය කළොත් සහල් ආනයනය කරනවා – කෘෂිකර්ම ඇමති

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ වී සඳහා ලබා දී තිබූ උපරිම මිල අවුරුදු 02ක් ඇතුළත රුපියල් 25කින් ඉහළ නංවා ඇති බවයි.

එවැනි අවස්ථාවක ගොවීන් උද්ඝෝෂනය කිරීමට උත්සහ දැරුවහොත් වෙළඳ අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහල් පිටරටින් ගෙන්වීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Exit mobile version