ගෝටාභයට සහ මෛත්‍රීට යනඑනමං නැති වූ හැටි මෛත්‍රී කියයි.

ඊයේ (24 )පාර්ලිමේන්තුව අමතමින්  මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේදී සහ අරගලයේදී තමාට සහ ගෝඨාභයට සිදුවූයේ එකම දේ බවයි.

මේ සිදුවීම් දෙකේදීම සිදුවූ පාලනය ඉතා අක්‍රමවත් බවත් ඒ සියලු වගකීම් තමාගේ හිස මත පටවා ඔවුන් නිදහස් වූ බවත් මෙතුමා මෙහිදී ප්‍රකාශන කරන ලදී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  ආරක්ෂක අමාත්‍යාංශය ඉහල නිලධාරීන් කඩදාසි හුවමාරු කිරීම් කිරීම හැර තමාට එක දුරකතන ඇමතුමක්වත් ලබාදී දැනුවත් නොකල අතර  ජුලි 9 වැනිදා අරගලයේදීත් එවකට පැවති බුද්ධි අංශ විසින් ජනපතිට පවසන ලද්දේ කොළඹට එන්නේ පුරවැසියන් 25000 බවයි නමුත් ලක්ෂ 4 ආසන්න ප්‍රමාණයක් පැමිණි අතර ඔවුන් ජල හා කදුළු ගෑස් මත නවතාලිය නොහැකි බවත් මෙතුමා මෙහිදී  සදහන් කළේය.

අවසන රටේ ජනපතිට උන් හිටි තැන් අමතක වන තරමට ජනතාව කුපිත වූයේ මෙම පාලකයන්ගේ ක්‍රියා කලාපවල පැවති ගුණදොස් නිසාම බවද මොවුන් සිහියේ තබාගත යුතුව ඇත.රටේ ජනතාව පාස්කු ප්‍රහාරය හමුවේ කුපිත වූයේ දෙව්මැදුරු තුල ලේ ගඟක මැරී වැටී සිටි තම රටේම සහෝදර නෑදෑයන් වෙනුවෙන් සහ පසුගිය කාලසීමාවේ අරගල කලේ ආර්ථික ගැටළු හමුවේ මහමග පෝලිම්වල දුක් විඳි ජනතාව වෙනුවෙනි.

Exit mobile version