ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ සුපුරුදු අන්තර්ජාල නාලිකාවේ කච්ඡාවකට සබන්ද වෙමින් වර්තමාන රජයේ වැවිලි සහ කර්මාන්ත විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ රටේ අස්ථාවරභාවය , ආර්ථික අර්බුදය , තේ නිෂ්පාදනය , තේ අපනයනය ආදී කරුණු රැසක් අවධාරණය කරන ලදී. කෙසේ නමුත් මෙම සාකච්චාවේදී වටිනා කරුණු කිහිපයක් පිලිබදව පිළිතුරු ලබා නොදී මගහරින ලදී.
මෙහිදී දේශපාලනයට වඩා රටේ ආර්ථික අස්ථාවරභාවය පිළිබද වැඩි අවධානයක් යොමු කරන බව එම මාධ්‍ය සාකච්ඡාවේදී රමේෂ් පතිරණ මහතා අවධාරණය කරන ලදී . වර්තමානයේ රටේ තිබෙන්නා වූ ආර්ථික අර්බුදයට පසු ගිය කාලයේ පැවති කොරෝනා අර්බුදයේ සිට මතු වූ කාරණා කිහිපයක් බලපා ඇති බව ප්‍රකාශ කර සිටියේය. ඒත් සමගම ඇති වූ සංචාරක ව්‍යාපාරය බිදවැටීම , විදේශ ප්‍රේෂණය නැති වීම ආදී කරුණු ද ආර්ථික අස්ථාවරතාවයට බලපාන්නට ඇති බව රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේය .
රජයේ වැවිලී සහ කර්මාන්ත විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ලංකාවේ මේ වන විට තේ නිෂ්පාදනයේ තත්ත්වය පිළිබදවද අවධාරණය කරන ලදී . පසුගිය වසර 4 /5 තුළ තේ නිශ්පාදනය කිලෝ මිලියන 300ක සාමාන්‍යයක් තිබුණද පසුගිය වසරේ නිශ්පාදනය කිලෝ මිලියන 250 කට ආසන්න ප්‍රමාණයක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය . එයට හේතුව වශයෙන් සදහන් කරන ලද්දේ 2020 / 2021 වසරේ පැවති නියගය සහ පොහොර ගැටලුව බවයි . එමෙන්ම 2021 / 2022 සමස්ත වසර වල වැවිලි කර්මාන්ත අංශයෙන් වැඩිම අපයන ආදායම මෙරටට ලැබුණු බවත් එම ආදායමෙන් ඩොලර් බිලියන 3.8 ක මුදලක් තේ අපනයෙන් ලැබුණු බවත් තේ ඵලදාව අඩු මට්ටමක පැවතුණත් ඉල්ලුම වැඩි නිසා ඒ හරහා වැඩි මුදලක් ලැබෙන බවත් එම මුදල ස්ථාවර මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී .
එමෙන්ම පිටරටින් තේ ගෙන්වලා තේ මිශ්‍ර කර තේ නිෂ්පාදනය කර අපනයනය කිරීමට 1981 වසරේ සිටි වෙළද ඇමතිවරයා අවසර දී ඇති බවත් එදා පටන් මිශ්‍ර තේ යම් කිසි ප්‍රමාණයක් අපනයනය කළ බවත් අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියේය . 2008 / 2009/ 2010 යන වර්ෂ වලදී පිටරටින ගෙන්වන ලද තේ ප්‍රමාණය කිලෝ මිලියන 14 -16 ක් වන බවත් ගිය වර්ෂයේ ආසන්න වශයෙන් කිලෝ මිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් වන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය .
එමෙන්ම පියෝ සිලෝන් ටී යන නාමය ශ්‍රී ලංකාවට නිත්‍යානුකුල අයිතියක් ඇති බවත් එම වෙළද නාමය ආරක්ෂා කරගෙන යාම නීතිමය ආවරණය පිළිබද කාරණයේදී සංකීර්ණ කටයුත්තක් බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටි අතර ලිප්ටන් යැයි පවසන වෙළද නාමය ලංකාවට අයිති නොවන බවත් ලිප්ටන් කෙන්යා හෝ ලිප්ටන් සිලෝන් හෝ නමින් භාවිතා නොකරන බවත් ලිප්ටන් යෙලෝ ලේබල් නමැති වෙළද නාමය ඔවුන්ට ආවේනික වූ නාමය වන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදී ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා යාම හෝ ඉවත් වීමට සිදු වීම කුමන්ත්‍රණයක් නොවන බවත් ජනතාව නැගිටීමත් සමග මෙම කාරණය සිදු වූ බවත් එය මර්ධනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ නොකළ බවත් අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම කළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කරන ලදී .
අරගලකරුවන් අමාත්‍යවරයාගේ නිවසේ තිබී සොයා ගත් කෝටියක මුදල් ප්‍රමාණය ඔහුගේ පුද්ගලික වාහන 2ක් විකිණීමෙන් ලබා ගත් මුදල් බවත් ඒ සම්බන්ධව සියලු තොරතුරු පොලිසියට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සදහන් කරන ලදී. අවංකව තම රාජකාරි සේවය සිදු කරන බවත් ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කරන ලදී .
කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ රබර් සහ තේ නිෂ්පාදනයට කන කොකා හඩා තිබේ. ඒවා නිෂ්පාදනය කරන ගොවීන්ගේ ගැටළු විසදී නැත. ඇගලුම් කර්මාන්තය මෙරටට අහිමි වුවා සේම මෙරට තේ වලට ජාත්‍යන්තර වශයෙන් තිබු පිළිගැනීමද අහිමි වෙමින් පවතින බව විශේෂඥයන් පෙන්වා දෙයි.
මෙම කරුණු පිළිබදව වැඩි දුර තොරතුරු දැනගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න.