ගෝඨාභය ඉවත් වීමේ සොවින් පුද්ගලයෙකු සිය දිවි හානි කරගැනීමට තැත් කරයි .

කවුරු හොරු වුවත්, මිනීමරුවන් හෝ මන්කොල්ලාකරුවන් වුවත් ඔවුන්ටද ආදරය කරන කොටසක් ලොව පුරා සිටිති. එය සමාජයේ ස්වභාවයයි. එය කිසිවෙකුට් වෙනස් කල නොහැක. එය වෙනස් කල හැක්කේ ඔවුන්ටම පමණි. ලංකාවේ දේශපාලනයට වුයේ එහි අනික් පැත්තයි. රාජ්‍ය රහස් සගවමින් ජනතා හදවත් සොරා කෑවත්, ඒවා සාක්ෂි පිටින් දුන්නත් හදවත් දිනු පසු ජනතාව ඒවා පිළිනොගනී. අදටත් ගෝඨාභය රාජපක්ෂ මහතාට, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම පවුලට ආදරය කරන පුරවැසියන් 20% ක් පමණ ලංකාවේ සිටිති.

එය සත්‍යයක් බව පසක් කරමින් ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව  කතානායකවරයා කල ප්‍රකාශය අද උදෑසන මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග කම්පනයට පත් 66 හැවිරිදි පුද්ගලයෙක් සිය ගෙවත්තේ ලිඳට පැන, සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇති පුවතක් දොම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

දීර්ඝ කාලයක් පුරා තදබල ලෙස රාජපක්ෂ පවුලට දැඩි ඇල්මක් දක්වා ඇති මෙම පුද්ගලයා ඊයේ දිනයේ සිටම නිවැසියන්ට පවසා ඇත්තේ ගෝඨාභය ඉල්ලා අස්වුවහොත් තමා ජීවත් නොවන බවයි.

කෙසේ නමුත් නිවස අවට පිරිස එක්ව ඔහුව බේරාගෙන ඇති අතර මේ වනවිට රෝහල්ගතකර ඇතිබවද වාර්තා වේ.

මෙහි විශේෂ සිදුවීම වන්නේ සියදිවි නසා ගැනීමට තැත්කල තැනැත්තාගේ පුත්‍රයා දැනට දින ගණනාවක සිට කොළඹ අරගලයට සහභාගී වී තිබීමයි.

පුත්‍රයා සහ පියා අතරද වරින් වර ගැටුම් ඇතිව තිබූ බව නිවැසියන් පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත් මෙම පුවත අප විසින් සත්‍යාපනය කර නැත.

Exit mobile version