“ගෝඨා ගෝ” ගමට කුඩු ඇතුළු මත්ද්‍රවය බෙදයි.

පවතින ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විසින් ආරම්භ කරන ලද අරගලය දින කිහිපයක් තිස්සේ ගාලු මුවදොර පිටියෙහි පැවැත්වෙමින් තිබේ.

ලෝකයේම අවධානය දිනා ගත් මෙම අරඟල බිමෙහි සිටින තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් තහනම් මත ද්‍රව්‍ය හුරු කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අප වෙත තොරතුරු වාර්තා වේ.

මෙබිමෙහි ඇති කූඩාරම් ඉලක්ක කරගනිමින් දීර්ග කාලයක් තිස්සේ එහි රැදී සිටින තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් සංවිධනාත්මක කුඩු ව්‍යාපාරිකයන් විසින් එම කටයුත්ත සිදුකරමින් පවතින බව පැවසේ.

නමුත් මේ අරගලයට තරුණ තරුණියන් සහභාගි වන්නේ එවැනි දෙයක් අපේක්ෂාවෙන් නොවුනත් සංවිධානාත්මකව ඒ සදහා ඔවුන් නැඹුරු කරගනිමින් සිටින බවද, මේ වන විටත් බොහෝ දෙනෙකු ඒ වෙනුවෙන් පොලඹවා ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

තව දුරටත් මේ තරුණ දු දරුවන්ගේ අනාගතය විනාශ නොකර ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී ඔවුන්ගේ ජීවිතයන් සුරක්ෂිත කිරීමට තවමත් අවධානය යොමු නොවීම දිගින් දිගටම සිදුවන විනාශයන් වැඩි වෙමින් ජනතා ගැටළු උග්‍ර කරනු ඇත.

තාරුණ්‍ය යනු තවමත් ඉගෙන ගන්නා වයසක් වන අතර ඔවුන් යන්නේ කුමන දිසාවටදැයි තේරුම් ගන්නේ ඉතාම අතලොස්සකි. තාරුණ්‍ය යනු සුරක්ෂා කල යුතු, දැනුම දිය යුතු සහ යහපත් අනාගතයකට තව දුරටත් මග පෙන්විය යුතු රටක අනාගත ජීවය වේ. එසේම අවස්තාවාදීන්ට රැවටෙන ඔවුන්ගේ දුර්වලකම්වලින් ඔවුන්ගේ ජීවය විනාශ කරන විට මියැදෙන්නේ ඔවුන්ගේ දෙමාපියන් සහ සහෝදර සහෝදරයන්ය. එබැවින් රටක් ලෙස, රජයක් ලෙස අඳ, ගොළු , බිහිරුන් සේ සිටීමෙන් සිදුවන විනාශය දෙස තවමත් නොබැලීම ගැන අපට ලියන්නට අමුතු වදන් නැත.

ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙන්නේ නම් එහි රැදී සිටින කාලය තුල එම තරුණ තරුණියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට , මත්ද්‍රවය වලින් ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම, එසේ බෙදා හරින්නන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම, ඒවා ප්‍රවාහනය කරන රථ වාහන අල්ලා ගැනීම ආදිය බුද්දි අංශ සහ පොලිසියේ වගකීම වේ.

පුරා දින හතරක් එහි රැදී සිටිමින් මේ විස්තරය සහ අදාළ සාක්ෂි අප වෙත ලබා දුන් වගකීමක් ඇති පුරවැසියාට අපගේ ගෞරවය සදහන් කරමු.

Exit mobile version