මේ මොහොතේ මා රැදී සිටින්නේ ශ්‍රී ලංකාවේ අලුත්ම ගම්මානයේය . එය මේ වන විට සමස්ත ලෝකයේම ප්‍රසිද්ද ගම්මානය බවට පත්ව ඇති බවට නිසැකයි . ලෝකයේ මේ වන විට කතා කරන සහ අවධානයට ලක්ව තිබෙන ප්‍රධානතම රටවල් තුන වන්නේ රුසියාව , යුක්රේනය සහ ශ්‍රී ලංකාවයි. එම රටවල් දෙක යුධ ගිනි දැල්වලින් පිපිරෙද්දී ශ්‍රී ලංකාව ආහාර, විදුලිය, ගෑස් ප්‍රශ්න වලින් දුක් විදින මිනිසුන්ගෙන් ගහන රාජ්‍යක් බවට පත්ව තිබේ.
අද ශ්‍රී ලංකාවේ සිංහල සහ හින්දු අලුත් අවුරුදු දිනයයි. ගාලු මුවදොර පිටිය අවට දහස් ගනනක් ජනතාව ජනධිපතිවරයාට සහ රජයට විරුද්දව සටනක නියැලී සිටින්නේ දින ගණනාවක සිටයි. අද මේ වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ජනතාව මේ ස්ථානයට පැමිණ සිටිති. විවිද ප්‍රදේශවලින් පැමිණෙන කණ්ඩායම් තමන් පැමිණි ප්‍රදේශයන් නම් කර තිබෙන්නේ ” ගෝඨා ගෝ ගම – බණ්ඩාරවෙල ශාඛාව” “ගෝඨා ගෝ ගම – අනුරාධපුර ශාඛාව ” ආදී ලෙසයි. විවිධ අහාර ද්‍රව්‍ය වලින් පිරි තිබෙන මෙම ප්‍රදේශය තුල සියලුම ජාතීන් සහ ආගමිකයන් එකම සිංහ ධජයක් යටතේ සාමකාමීව සිටින අයුරු මනාව දැක ගත හැකිය.
මෙහි මේ වන විටත් විවිද අවුරුදු සැණකෙළි පවත් වේ. අද උදෑසන ලිප ගිනි මෙලවීමේ නැකතට සියලු ජාතීන් එකට එක්ව සහබාගි වෙමින් කිරි ඉතිරවීම සිදු කළා. ඒ සදහා මහා සංඝ රත්නය තම ආශිර්වාදය එකතු කළා. එක් ප්‍රධාන ස්ථානයකට අමතරව තවත් තරුණ ළමුන් එකතු වෙමින් ස්ථාන කිහිපයකම කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදු කළා. (වීඩියෝ පහතින් බලන්න)
ඉන් අනතුරුව විවිද ජන ක්‍රීඩා සහිතව අවුරුදු උත්සවයක කටයුතු සිදු කෙරුනා. එම ජන ක්‍රීඩා සියල්ලටම එකතු කර තිබුනේ වර්තමාන අරගලය පිළිඹිඹු වන අකාරයේ නවතම නිර්මාණයි. අලියාට ඇස තැබීම වෙනුවට එය ගෝඨාට ඇස තැබීම , සම්ප්‍රධායික රබන් පද වෙනුවට අරගලයට සමගාමී රබන් පද ඔවුන් නිර්මාණය කර තිබුණා (වීඩියෝ පහතින් බලන්න)
ඒ අතර නිල ඇදුමෙන් පැමිණි පොලිස් නිලදරියෙකුද අරගලයට සහාය දක්වන බවත් ගහන ගහන බැටන් පොලු, කදුළු ගෑස් ගසන්නේ ඔවුන්ගේම දරුවන්ගේ අනාගතය හෝ දරුවන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බවද ඔහු සඳහන් කළා. කෙසේ වුවත් ඔහු සත්‍ය පොලිස් නිලදරියෙකුද යන්න තහවුරු කිරීමක් නැත. ( (වීඩියෝ පහතින් බලන්න)
අරගල භුමිය තුල රණවිරුවන් වෙනුවෙන්ද විශේෂ සැලකිල්ලක් දක්නට තිබේ. යුද්ධයෙන් ආබාධිත රණව්රුවන්ද මෙම ස්ථානයේ සිටිති.
ඒ අතර අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් කුඩා දරුවන්ගේ අයිතිය පිලිබදව සදහන් කර තිබුනා.