“ගෝඨා ගෝ හෝම් ගම” ලෙස අරගල භූමිය වෙනස් වෙයි. ගූගල් එකෙත් පෙන්වයි. තෙවැනි දිනටත් අරගලයේ.

පසුගිය 31 වැනිදා රාත්‍රියේ නුගේගොඩ  ජුබිලිකනුව මංසන්දියේ සිට මිරිහානේ ජන්ධිපතිවරයාගේ නිල නිවස දක්වා ජනතාව පා ගමනින් පැමිණියේ පවතින විදුලි අර්බුදය, ගෑස් අර්බුදය, ඉන්ධන අර්බුදය මෙන්ම අහාර අර්බුදය පිලිබදව දැනුවත් කිරීමටයි. රාත්‍රී වන්නට ජනතාව විශාල ප්‍රමාණයක් එම ස්ථානයට එක් රොක් වූ අතර පසුව පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කෙරිණි. ඉන් නොනැවතී නිරායුධ ජනතාවට ඔවුන් පහර දුන්හ. එම ප්‍රහාරයෙන් පසුව ලංකාව පුරාම විහිදී සිටින සියලු ජනතාව ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්  වන ලෙස බලපෑම් කරමින් උද්ඝෝෂන මාලාවක් පවත්වමින් සිටිති. එම අරගල ආරම්භ කර අද වන විට දින 10 කී.

ඒ අතර ජනධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බලපෑම් කරමින් පීඩාවට පත් තරුණ තරුණියන් මෙන්ම දහස් ගනනක් ජනතාව පසුගිය 9 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියට පැමිණියේද ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලපෑම් කරමිනි. ඒ අතර ඊයේ වන විට රට පුරා උද්ඝෝෂණ දහසකට ආසන්න ප්‍රමාණයක් පවත්වා තිබෙන බවට වාර්තා පවසන අතර, වැඩිම ප්‍රමාණයක් පවත්වා ඇත්තේ බස්නාහිර පළාතේය. පසුගිය 4 වැනිදා පමණක් බස්නාහිර පළාතේ උද්ඝෝෂන 50 කට වැඩ වැඩි ප්‍රමාණයක් පැවැත්විණි.

පසු ගිය 3 වැනිදා රට පුරා ඇදිරිනීතිය පැනවූ අතර එයද නොසලකා හැර යම් යම් ප්‍රදේශ වල උද්ඝෝෂණ පැවැත්විණි. එදින සමාජ ජාල ද අක්‍රීය කෙරිණි. ඉන් පසු මැති ඇමතිවරුන්ගේ නිවාස වලටද ප්‍රහාර දෙමින් උද්ඝෝෂකයන් කටයුතු කල නමුත් ජනතාව විදින පීඩාවන් වලට පිලිතුරු නොලැබිණි.

පසු ගිය 31 වැනිදා රාත්‍රියේ සිදුවීමත් සමගම මෙම උද්ඝෝෂන රැල්ල ආරම්භ වූ අතර ඊයේ දිනයේද රට පුරා පැවති උද්ඝෝෂන අතර ජනාධිපතිවරයාට සහාය දක්වමින් ද උද්ඝෝෂන දෙකක් මහනුවර සහ තන්ගල්ලදී පැවැත්විණි.

ගාලු මුවදොර පිටියේ අඛණ්ඩව පැවැත්වෙන උද්ඝෝෂණය සදහා මේ වන විටත් 500 ක පමණ පිරිසක් සිටින බව වාර්තා වන අතර පසු ගිය දින දෙකෙහිම රාත්‍රී වනවිට විශාල පිරිසක් සහබාගි විය. එම ස්ථානය මේ වන විට අරගලයට අවශ්‍ය ලෙස වෙනස් කරගෙන තිබෙන අතර තැන තැන කූඩාරම් අටවා තිබේ. සියලුම ජාතීන් මේ ස්ථානයට පැමිණ තිබෙන අතාර ජාති ආගම් කුල බේදයකින් තොරවම ඔවුන් එහි රැදී සිටිති.

එසේම ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයා දී තිබෙන අතර එම ස්ථානය ඔවුන් නම් කර තිබෙන්නේ  “ගෝඨා ගෝ හෝම් ගම” ලෙසයි. එය මේ වන විට google සිතියමටද ඔවුන් ඇතුලත් කරගෙන තිබේ.

කෙසේ වුවත් රජය පාර්ශ්වයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ පවතින ගැටළු වලට විසදුම්ය. ඉන්ධන ප්‍රශ්නය විසදා, ගෑස් ප්‍රශ්නය විසදා, විදුලි ප්‍රශ්න විසදා අහස උසට නාග තිබෙන අහාර මිල අඩු කරන්නේ නම් මේ කිසිදු ගැටළුවක් අති නොවේ. එහෙත් තවමත් පිළිතුරක් නොලැබෙන බැවින් එන්න එන්නම ජතවාට් ප්‍රශ්න වැඩි වෙමින් ජනතාව ප්‍රචණ්ඩකාරී වනු ඇත.

Exit mobile version