අප මේ වන විට රැදී සිටින්නේ ගාලු මුවදොර අවට ස්ථාන කිහිපයකයි. අති විශාල ජනතාවක් මේ වන මෙම ප්‍රදේශයන් ආක්‍රමණය කරමින් සිටී.
ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටින් පිට වු බව නිවේදනය වීමට අද උදෑසන 03.00 පමණ වන විට විදේශ මාධ්‍ය එය වාර්ථා කර තිබු අතර අප වෙත මාල දිවයිනෙන් ලැබුණු වීඩියෝ දර්ශන වලට අනුව එරට ශ්‍රී ලාංකිකයන් ගෝඨාභයට දැඩි විරෝධයක් එල්ල කරයි.
රජයේ පුර්ණ අනුමැතිය මත ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත් වු බව දැන ගැනීමත් සමගම ගුවන් හමුදාධිපතිගේ දෙමාපියන්ට පිං දෙන බව අපට මේ අවස්ථාවේ දූක ගත හැකිය. එසේම එම ගමන ගිය ගුවන් නියමුවන්ට ” පරයා” ලෙසින් ජනතාව ආමන්ත්රනය කරයි. එම ගුවන් නියමුවන් දෙදෙනාගේ නම්ද ඔවුන් සොයාගෙන තිබේ.
කෙසේ වුවත් නීතියට අනුව ඔවුන් කර තිබෙන්නේ ඔවුන්ගේ රාජකාරිය වුවත් රට අස්තාවර වුයේ සියලු දෙනාම නීතිවිරෝදීව අණ පනත් උල්ලංඝණය කල නිසාය. කෙසේ නමුත් ජනතාව නැගී සිටියේ එම නීති විරෝදී ක්‍රියාවන් තව දුරටත් ඉවසා ගත නොහැකි නිසාය.
ගුවන් නියමුවන් දෙදෙනාගේ නම් ලෙස අරගලයේ සාමාජිකයන් සොයාගෙන ඇත්තේ ගෲප් කැප්ටන් වෙලගෙදර සහ විංග් කමාණ්ඩර් මල්ලවාරච්චි බව සදහන් වේ පහත නම් සදහන් කරන්නේ අරගලයේ යෙදී සිටින අයයි.