වයස අවුරුදු 45 පිරිමි පුද්ගලයෙක් ගේ මළසිරුරක් ගාලු මුවදොර පිටියේ කොඩි කණුවක් අසල තිබී හමුවී තිබේ.මොහු ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරුගේ ඥාතින් සඳහන් කළේ මොහු දියවැඩියා රෝගයෙන්ද පෙලුණු අතර ඔහු පසුගිය 27 වනදා කොළඹ ජාතික රෝහලෙන් ප්රතිකාර ලබාගෙන නිවසට පැමිණි අතර ඊයේ 28 උදැසන නිවසින් පිටව ගොස් ඇති බවයි. ඥාතින් සිරුර හදුනාගෙන ඇති අතර කොටුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.