ගෝලීය වශයෙන් පසුගිය සතිය සමග සසඳන විට මෙම සතිය තුළ දී වාර්තා වී ඇති නව කොරෝනා මරණ සහ රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබේ.ගෝලීය වශයෙන් කොවිඩ් රෝගීන් මිලියන 03 ට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පසුගිය සතිය තුළ මේ නිසා මිය ගිය සංඛ්‍යාව 56 000 කට අඩු සංඛ්‍යාවක් ලෙස වාර්තා වී ඇත.සමුච්චිත මරණ සංඛ්‍යාව අද වන විට මිලියන 4 ඉක්මවා ගොස් ඇත.ඇමෙරිකානු කලාපය හැරුණු විට අනෙකුත් කලාපයන්ගෙන් පසුගිය සතිය තුළ දී නව රෝගීන්ගේ වැඩි වීමක් විශාල වශයෙන් පෙන්නුම් කරනු ලබයි. එමෙන්ම අප්‍රිකානු කලාපයේ මෙම වෛරසය වැළඳීමෙන් මිය යන සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් ඇති බවට වාර්තා වී ඇත.