දේශීය හිතයිෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ග්ලෝබ් මාස්ටර් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකකින් 20 දෙනෙකුගෙන් සමන්විත ඇමෙරිකානු දූත පිරිස දිවයිනට පැමිණීමේ සැලසුම් සහගත නාට්‍ය කුමක්ද යන්න පිළිබදව බොහෝ කරුණු අවධාරණය කරන ලදී.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරනු ලබන්නේ ග්ලෝබ් මාස්ටර් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකකින් 20 දෙනෙකුගෙන් සමන්විත ඇමෙරිකානු දූත පිරිස ආයුධ සන්නද්ධව , අධි වේගී මාර්ගය වසා දමමින් දිවයිනට පැමිණි බවත් මෙසේ මේ ආකාරයෙන් දිවයිනට පැමිණි පළමු ධූත පිරිස මෙම කණ්ඩායම බවත් මොවුන්ගේ පැමිණීම බලපෑම් සහගත සංචාරයක් බවත්ය.
එමෙන්ම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සෝෆා ගිවිසුම ගැනද කරුණු අවධාරණය කරන ලදී. මොහු පවසන ආකාරයට සෝෆා ගිවිසුම යනු කිසිදු පූර්ව අවසරයකින් තොරව , නිල ඇදුමින් , ආයුධ සන්නද්ධව , ඕනෑම තොටුපලකින් , ඕනෑම අවස්ථාවක , ඕනෑම වේලාවක හමුදා කණ්ඩායමකට දිවයිනට ඇතුල් විය හැකි බවයි. මෙම ගිවිසුම සදහා මේ වන විට අත්සන් තබා ඇති බවත් , නමුත් තවම මෙම ගිවිසුම තහවුරු කර නොමැති බවත් වසන්ත බණ්ඩාරණායක මහතා අවධාරණය කරන ලදී.එමෙන්ම මෙම තත්ත්වය දිවයිනට ඉතා බලපෑම් සහගත කාරණාවක් බව ඔහු තරයේ අවධාරණය කරයි.
මෙම ඇමෙරිකානු ධූත පිරිසගේ පැමිණීම සැලසුම් සහගත එක්තරා ආකාරයක නාටයයක් බවත් මෙහි ප්‍රධාන සැලසුම්කාරිය වික්ටෝරියා නූලන් බවත් එනම් මෙම නාට්ය්යයේ පිටපත ඇයගේ බවත් බණ්ඩාර මහතා අනාවරණය කරයි. එමෙන්ම මෙම නාට්‍ය ජූලි චන්ගේ අධ්‍යක්ෂණයෙන් රනිල් වික්‍රමසිංහ , අනුර කුමාර දිසානායක , සජිත් ප්‍රේමදාස යන අයගේ සහභාගීත්වයෙන් රගදක්වන බව බණ්ඩාර මහතා වැඩි දුරටත් අවධාරණය කරයි.එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන එන්නේද මෙම සැලසුම සදහා බව බණ්ඩාර මහතා කියයි.
ලිබියාවේ ජනාධිපති ඝාතනය කර ඉන් පසු ජාත්‍යන්තර ගිවිසුමකින් අන්තර්කාලීන ආණ්ඩුවක් සෑදුවා මෙන් මෙහි ප්‍රථම සැලසුම වූයේ ඝෝඨාභය රාජපක්ෂ මරා දැමීම බවත් එම සැලසුම ක්‍රියාත්මක නොවූයෙන් දෙවන සැලසුම වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ආ බවත් ඝෝඨාභය ජූලි චන්ගේ නාට්‍යයට ඇන්දී ක්‍රියා කල බවත් ඝෝඨාභයට රට පාලනය කිර්‍රීමට දේශපාලන දැක්මක්වත් දේශපාලන අත්දැකීමක්වත් නොතිබුණු බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය කරන ලදී.
එමෙන්ම මෙම මෙහෙයුමේ සිටින තවත් ප්‍රධාන අයෙක් වන උරුස්මාන් කමිටුවේ සාමජිකාවක් වන යස්මින් නුකා විසින් ශවේන්ද්‍ර සිල්වාට පිටු 137කින් යුතු චෝදනා පත්‍රයකුත් කමල් ගුණරත්නට පිටු 100කින් යුතු චෝදනා පත්රකුත් ලබා දුන් බවත් ශවේන්ද්ර් සිල්වාගේ චෝදනා පත්‍රය තමා අතින්ම ලබා දුන් බවත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.මෙම චෝදනා පත්‍ර කෙවිට භාවිතා කරමින් යස්මින් නුකා හමුදා ආරක්ෂක නිලධාරීන්ට මානසික බාධා එල්ල කරන බවත් අරගලය මර්දනය කරන්න එපා කියලා බය කලෙත් මෙම කෙවිට යොදා ගනිමින් බවත් වසන්ත බණ්ඩාරනායක මහතා අවධාරනය කරන ලදී.
එමෙන්ම ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ වික්ටෝරියා නූලන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමු වී එහිදී ඉන්දීය -ඇමෙරිකා එක්ව ත්‍රිකුණාමලයේ යුද හමුදා මධ්‍යස්ථානයක් පිහිටුවීමට සාකච්ඡා කර ඇති බව විදෙස් පුවත්පතක පලවුණු බවයි. මෙම හමුදා කණ්ඩායම දිවයිනට පැමිණියේ මෙම සාකච්ඡාවෙන් පසුව බවත් වරින් වර ජූලි චන් දිවයිනට පැමිණියේ තම සැලසුම ක්‍රියාත්මක වනවාද යන්න පරීක්ෂා කර බැලීම සදහා බවත්ය.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේ
“ තව ඉතුරු වෙලා තියෙන්නෙ අපේ රටට ආණ්ඩුකාරයෙක් පත් කරන එක පමණයි. ඉන්දියාවේ 29 වෙනි ආණ්ඩුකාරවරයා බවට පත් වෙන්න පුළුවන් රනිල්ට “
මෙම ඇමෙරිකා හමුදා ධූත පිරිසගේ බලපෑම් සහගත මෙරටට පැමිණීම පිළිබදව වැඩි දුර විස්තර දැන ගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න .