චමල්ට නව තනතුරක්.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබද කාරක සභාවේ සභාපතිවරය වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතාගේ යෝජනාවෙන් සහ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාගේ ස්ථීරත්වයෙන් තේරී පත් වූ බව වාර්ත වේ.

මෙහිදී ආචාර ධර්ම සහ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම සදහා කාරක සභාවේදී තිරණය වූ අතර මෙම කාරක සභාවට අනුරාධ රාජපක්ෂ හා කණක හේරත් යන රාජ්‍ය අමාත්‍යවරුන් , කෝකිලා ගුණවර්ධන , සමන්ප්‍රිය හේරත් , ජී.ජී.පොන්නම්බලම් , ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ බව වාර්තා වේ.

එමෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීම පිළිබදව සහ නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කමිටුවට ඉදිරිපත් වී අවසන් කිරීමට නොහැකි වූ කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කෙරුණු බව සදහන් කරයි.

Exit mobile version