චමීරගේ තත්ත්වය .

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුරදී ආබාධයට ලක්විය.

ඔහුට මෙම ආබාධය හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරඟාවලිය අහිමි වූ අතර මේ වන විට ඔහු ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් දුෂ්මන්ත චමීරගේ සැත්කම සාර්ථකව සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

මෙම සැත්කම ඔස්ට්‍රේලියාවේ රෝහලක දී සිදුකර ඇති අතර ඔහුගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මෙසේ සැත්කමකට යොමු කර ඇත.

Exit mobile version