එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ඊයේ (18) පැවති තරගයේදී පාදයේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමිරට මෙවර 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇත.
වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව ඔහුව ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවට නිර්දේශ කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
එසේ ඉවත් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිතව ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ අතර ඩිල්ෂාන් මධුසංක ආබාධයට ලක්වීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සිටි බිනුර ප්‍රනාන්දු 15 දෙනාගේ සංචිතයට ඇතුලත් කර ඇති අතර එසේ ඇති වූ පුරප්පාඩුව පිරවීමට අසිත ප්‍රනාන්දුව අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමට නියමිත බවද වාර්තාවේ.