ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 9 ට රහස් පොලීසියට පැමිනෙන ලෙස කැඳවීමක් කර තිබේ.
මෙලෙස ඔහු කැඳවා ඇත්තේ කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාද ඒකකය වෙතයි
ඔහු රහස් පොලීසිය වෙත කැදවීමට හේතු වී ඇත්තේ ඇමරිකාවේ පදිංචි මේජර් හසිත සිරිවර්ධන නැමති අයෙක් සමඟ ඔහු පැවැත්වූ ආන්දෝලාත්මක සාකච්ඡාවක් බවයි වාර්තාවෙන්නේ.
මාධ්‍යවේදියකු විසින් රටේ සිදුවන වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් සිදුකරන සැම අවස්ථාවකදීම එම මාධ්‍යවේදීන් පොලිසිය වෙත කැඳවීමට කටයූතු කිරීම තුළින් ඔවුන්ගේ ජීවිතයට තර්ජන ඇතිවන අතර පොලිසියට සහ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දැඩි මෙහෙවරක් සිදුකරන එම ආයතනවලට සිදුවන දැඩි හානිය නැවත යථා තත්වයට පත්කර ගත නොහැක.
එබැවින් හෙලිදරව් කරන මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ ලබාගත යුත්තේ ඔවුන් රාජකාරී කරන ස්ථානවලට ගොසිනි. එවිට මේ ආයතන සහ පුද්ගලයාද ආරක්ෂා වන අතර එය සමාජය ආන්දෝලනයට පත්කරන සිදුවීමක් බවට ද පත් නොවේ.
කෙසේ නමුත් මෙසේ චමුදිත සමරවික්‍රම මහතා රහස් පොලිසිය වෙත කැඳවීමට හේතු කාරක වූ ආන්දෝලනාත්මක සාකච්ඡාව පහතින්,