රේගුවෙන් අලලපු රත්තරං මුදාහැරීමට බලපෑම් කල බවට වජිර අබේවර්ධන මහතාට එරෙහිව මේ වන විටත් දැඩි ජනතා අප්‍රසාදය එල්ල වී තිබේ. එම වීඩියෝව සදහා චමුදිත සමරවික්‍රම මහතා නීතීවේදී නාගානන්ද කොඩිතුවක්කු මහතා එක්ව සිටියේය.
කෙසේ නමුත් එම වීඩියෝවට එරෙහිව පාර්ලිමේන්තු මංත්‍රි වජිර අබේවර්ධන මහතා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධිය පිලිබදව රේගු මාධ්‍ය ප්‍රකාශ වරයා ප්‍රකාශ කර තිබුනේ වජිර අබෙිවර්ධන මහතා එවැනි බලපෑමක් නොකල බවයි. එසේම මෙම සිදුවීමෙන් රේගුවේ තවත් දුෂිත ක්‍රියාවක් අනාවරණය විය. එනම් විවිධ ඉල්ලීම් වලට අනුව ඔවුන් කටයුතු කරන බවයි. ඉන් රටට අහිමිවන ආදායම සුලු පටු නොවිය හැක.
වජිර අබේවර්ධන සේම රේගුවද රට ගැන, රටේ ආර්ථිකය ගැන සිතා කටයුතු කලේ නම් මෙවැනි වීඩියෝවක් නිර්මාණය නොවෙි. ඒ ආකාරයෙන් කටයුතු කිරීමට රේගුවට තිබෙන බලතල ද අහිමි කල යුතුය. අදාල වීඩයෝව පහතින් දැක්වේ. එය නැරඹීමෙන්, තව කොපමණ මුදලක් මේ ආකාරයෙන් රටට අහිමිවනවා ඇතිද යන්න වටහා ගත හැකිය.
රේගුව අල්ලපු මිලියන ගානක රත්තරන් එලියට පන්නපු වජිර අබේවර්ධනගේ ගේම.