රට තුල සිදුවන බොහෝ අපරාධ, වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා ගණනාවක්ම රටට එළිකිරීමට බොහෝ මාධ්‍යවේදීන් ලිඛිතව මෙන්ම වාචිකවත් කටයුතු කරති. වීඩියෝ තාක්ෂනය දියුණු වීමත් සමගම තමන්ගේ දුක කීමට, තමන් දන්නා දෙය වීඩියෝවක් මගින්ම ඉදිරිපත් කිරීමට සහ අදාළ ආයතනවලට සහාය වීමට මාධ්‍යවේදීන්ට ඉඩ හසර ලබා දීමට නවීන තාක්ෂනය සහාය වී තිබේ.
මාධ්‍යවේදියා යනු “ සමාජයේ ගවේෂකයකි”. ඔහු සමාජයේ මුර බල්ලා බව කියන්නේ අප නොවේ. එය ලෝක සම්මතයයි. මාධ්‍යවේදියාට වැරදුනොත් සමාජයටම වරදින බවට තිබෙන හොදම උදාහරනයද ශ්‍රී ලංකාවයි. වංචා, දූෂණ, අක්‍රමිකතා මෙන්ම විවිධ ප්‍රෝඩාකාරී ක්‍රියාවන් දහස් ගණනාවක්ම සිදුවෙමින් පවතින, සිදුව තිබෙන ශ්‍රී ලංකාවේ නීතිය දේශපාලනීකරණය වී ඇති බව සත්‍යයක් වුවත්, මාධ්‍යවේදියාගේ රැකියාව නිදහසේ කර ගැනීමට ඔවුන්ට ඉඩ ලබා දිය යුතුය.
පොලිස් නිලධාරීන් ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන් තමන්ගේ රැකියාව නිදහසේ ඉටුකරන්නේ නම්, මාධ්‍යවේදියාටද තමන්ගේ රැකියාව නිදහසේ කර ගැනීමට ලබා දී තිබෙන මාධ්‍ය නිදහස භුක්ති විදීමට ඉඩ දිය යුතුය. මාධ්‍ය නිදහස යනු එක්ෂත් ජාතීගේ සංවිධානය මගින් විශ්වීයව ලබා දී තිබෙන අයිතියකි. නමුත් ශ්‍රී ලංකාවේ එයට ඉඩක් නොමැත්තේ නීතිය නොදත්, නීතියට ගරු නොකරන රාජ්‍ය සහ ආරක්ෂක අංශ නිලධාරීන් බවට සාධක අප සතුවත් ඕනා තරම් තිබේ. ශ්‍රී ලංකාවට මාධ්‍යවේදීන් අවශ්‍ය නැතිනම් කරන්නට තිබෙන්නේ සියලුම මාධ්‍ය ආයතන වසා දැමීමයි.
එය එසේ නමුත් ශ්‍රී ලංකාවේ කෝටිපතියෙකු වූ ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපතිවරයා මරා දැමු බවට දැන් ප්‍රසිද්ධ වී අවසන්ය. එම සිද්ධියට දැන් ඇඟිල්ල දිගු වී තිබෙන්නේ රජයටය. කොළඹ නගරය පුරාම CCTV කැමරා පද්ධතියක් තිබේ. එය කලේ කවුරුන්ද යන්න සොයාගැනීමට නොහැකි නම් අපටද සිදුවන්නේ භීතියෙන් ජීවත් වීමටය. ඉන් කියවෙන්නේ අප සියලුම දෙනා අනාරක්ෂිත බවය. එම ඝාතනය පිලිබඳව කීර්ති රත්නායක නමැති පුද්ගලයෙකු සමග ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සාකච්චාවක් පවත්වන ලදී. එයට අනුව පසුගිය 18 වැනිදා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලදී. එම සිද්ධියටම ඔහුව නැවතත් හෙට (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
මාධ්‍යව්දියා සිදුකරනුයේ අවශ්‍ය තොරතුරු ලබා දීමය. එම තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදුකිරීමට අපරාධ යුක්තිය ඉටුකරන පරීක්ෂණ නිලධාරීන්ගේ වගකීම වේ. ඒ හැර ඔවුන් මාධ්‍ය සාකච්චා සිදුකරන වාරයක් වාරයක් පාසා පොලිස් ස්ථානවලට ගොස් ප්‍රකාශ ලබාදීමට සිදු වුවහොත් මේ රැකියාව සිදුකිරීමට නොහැකි වනු ඇත. අදාළ නිලධාරීන්ටද දිනක අසාධාරණයක් සිදු වුවහොත් ඒ වෙනුවෙන්ද පෙනී සිටින්නේ ඔවුන්ගේ උසස් නිලධාරීන් නොවේ. මාධ්යවේදීන්මය. එබැවින් කල යුත්තේ මාධ්‍යවේදීන්ට වද දීම නොවේ. ඔවුන්ගෙන් ගත යුත්ත නිසි ලෙස ගැනීමය. චමුදිත සමරවික්‍රම මහතා මෑත යුගයේ අවස්ථා ගණනාවක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. කල යුත්ත, නොකළ යුත්ත කුමක්ද යන්නවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තේරුම් ගත යුතුය. එසේ නොමැති වීම නිසාම මේ වන විටත් මේ සිද්ධිය පිලිබදව දැඩි දෝෂාරෝපණයක් එල්ල වන්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටමය.
එබැවින් වීඩියෝව තුල සඳහන් වන්නේ කුමන කරුණුද?. ඒ පිලිබඳව ගවේශනය කිරීම පොලිස් අපරාධ පරීක්ෂන දෙපර්තමේන්තුවේ වගකීම වේ. ඔවුන්ගේ පරීක්ෂණ විධිමත්ව කරගැනීමට අවශ්‍ය කොටස මාධ්‍යවේදියා සිදුකර තිබේ. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල යුත්තේ පෙන්වා දී තිබෙන කරුණු ඔස්සේද හඹා යාමය. ඔවුන් කල යුත්තේ පරීක්ෂණ විධිමත් කරවීමය. එවිට සත්‍ය අපරාධකරුවන් සොයාගත හැකි වනු ඇත. එසේ නොමැතිව මාධ්‍යවේදියා නොහොත් පණිවිඩකරු මරා දැමීමෙන් කිසිදා යුක්තිය ඉටුනොවනු ඇත. එසේම මේ වන විට සමාජ මාධ්‍ය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවට සහ රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ලවෙමින් පවතින්නේ ද මේ නොහැකියාව නිසාම විය හැකිය. එසේත් නොමැතිව මෙම අපරාධය සොයාගෙන, මෙහි යම් යම් ප්‍රබල පාර්ශ්වයන් සිටින්නේ නම් කල යුත්තේ එම කරුණු හෙමින් සීරුවේ අපට ලබා දීමය. ඒවාද ජනගත කිරීමට අපට බියක් සැකයක් නැත.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න විසිනි. (0710866060 )
අදාළ සාකච්චාව පහතින්.