චමුදිතට පහර දුන් අය ගියේ සරත්ගේ ගෙදරටද?. – අසාද් සාලි ප්‍රශ්න කරයි. (වීඩියෝ)

පසුගිය පෙබරවාරි මස 14 වැනිදා ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කල බියගුළු ප්‍රහාරය පිළිබඳව වරින් වර විවිධ සමාජ මාධ්‍ය මෙන්ම පිළිගත් වෙබ් අඩවි වලද, පත්තර වලද විවිද සටහන් සහ වාර්තා ලියවෙන්නේ ඒ පිළිබඳව යම් සැකයක්  ඉතිරිව තිබෙන නිසාය.

අධිකරණ නියෝගය ලබා දී දින ගණනාවක් යන තෙක්ම එම නියෝගය ක්‍රියාත්මක කිරීමටද දින ගණනාවක් ගත විය. අධිකරණ නියෝගයද ක්‍රියාත්මක කිරීමට දින ගණනාවක් යාමෙන් අධිකරණයටද යම් අපහාසයක් සිදු වූ නමුත් මේ වන විට ඔහුට එක් පොලිස් නිලදාරියෙකුගේ ආරක්ෂාව ලබා දී තිබේ. කෙසේ වුවත් පොලිස් විමර්ශන වලදී ඔහුගේ ජීවිතයට අනතුරක් සිදු නොවන බවට අනාවරණය වීමක් සිදු වීමෙන් එසේ එක් පොලිස් නිලදාරියෙකු පමණක් ලබා දීමට තීරණය කරන්නට ඇතැයි අපගේ වෙබ් අඩවිය සමග කටයුතු කරන, ජාතික සහ විදේශීය ආරක්ෂක කටයුතු පිළිබඳ අපගේ උපදේශක මෙන්ම විශ්ලේෂකයෙකු වන හිටපු විශ්‍රාමික ජේෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානියා අපට උපදෙස් ලබා දෙමින් සදහන් කලේ. එසේම ඔහුගේ ආරක්ෂාව පිළිබඳව ආරක්ෂක අංශ හෙළිදරව් නොකරන ලද යම් ක්‍රමවේදයක් අනුගමනය කරනවා විය හැකි බවද සදහන් කරන ලද අතර අධිකරණ නියෝගයක්ද ලබා දී තිබියදී ඔහුට නිසි ආරක්ෂාව ලබා නොදී යම් අනතුරක් සිදු වුවහොත් ඒ පිලිබඳව සම්පූර්ණ වගකීම පොලිස් දෙපාර්තමේන්තුවේ අදාළ වග කිව යුතු නිලදාරීන්ට පුද්ගලිකවම වගකීමට සිදුවන බැවින් සහ ඔවුන්ට අපරාධමය චෝදනා යටතේ නඩු පැවරෙන බැවින්ද , නිසි පිළිගත හැකි විශ්ලේෂණයක් සිදුකර මෙම ආරක්ෂාව ලබා දීමට ඔවුන් තීරණය කළා විය හැකි බවද විශ්ලේෂනාත්මකව සදහන් කරන ලදී.

කෙසේ වුවත් චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලකල එම ප්‍රහාරය පිලිබඳව අදහස් දක්වමින්  හිටපු මන්ත්‍රීවරයෙකු වන වූ අසාද් සාලි මහතා පසුගියදා මාධ්‍ය සාකච්චාවකදී විශේෂ හෙළිදරව්වක් කර තිබේ. ඔහුගේ එම ප්‍රකාශය මේ වනවිට මේ වනවිට අන්තර්ජාලය තුල හුවමාරු වෙමින් පවතී.

එම ප්‍රකාශය තුලින්  ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරය සිදු වී මාසයකට ආසන්න වුවද පොලිසියට තවමත් මෙය සොයා ගැනීමට නොහැකි වූ බවයි. එසේම ඔහු සදහන් කරන්නේ “ පොලිසියට සොයා ගැනීමට නොහැකි වූ මෙය, තවත් ලසන්තගේ වැඩ පිළිවෙලක්ද, තාජුඩීන්ගේ වැඩ පිළිවෙලක්ද, එක්නැලිගොඩගේ වැඩ පිළිවෙලක්ද, මාධ්‍ය ඉවරකරන්න ඕනි කියන එකේ පටන් ගැනිල්ලක්ද කියන එක අපි කවුරුත් හිතල බලන්න තියෙනවා දැන්. රටේ ජනතාවගේ පොදු අදහස තමයි මේ ගල් ගහපු, අසුචි ගහපු  එක්කෙනාව අල්ලන්නේ නෑ. කියන මතය ජනතාව අතරට යන එක දෙයක් නොවේ. අපි දැක්ක අන්තිමට දාපු එකේ CCTV කැමරා එකේ වාහනය පෙන්වනවා. දැන් මේ වාහනය පෙන්වන කොට, මේ වාහනය පෙන්වන වෙලාවක් තියෙනවා. මේ වෙලාවට තමයි මේ පැත්තෙන් ගියේ. එහෙනම් කොයි පැත්තටද ගියේ. කොළඹ පැත්තට ගියාද, පිළියන්දල පැත්තට ගියාද, පාර්ලිමන්ට් පැත්තට ගියාද, කොහි හරි සර්ත්ලගේ ගෙවල් පැත්තට ගියාද, පියසේනගේ ගෙවල් පැත්තට ගියාද කියල ප්‍රශ්නයක් තියෙනවා” ආදී ලෙස නිශ්චිතවම අපට හඳුනාගත නොහැකි නම් කිහිපයක්ද පවසයි. (වැඩි විස්තර සදහා වීඩියෝව බලන්න.)

කරුණු කෙසේ වුවත් එම ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයන් සතුව ගිනි අවියක්ද තිබු බව , ප්‍රථම දිනයේදී කියැවිණි. එබැවින් මේ පැමිණි පුද්ගලයන් කවුරුන්ද යන්න නිසි ලෙසම පොලිසිය හදුනා ගනු ඇතැයි අපද බලාපොරොත්තු වන අතර ජනමාධ්‍යවේදීන්ට යම් ප්‍රහාරයක් එල්ල කිරීම සහ බලපෑම් කිරීමෙන් හානිය සිදුවන්නේ ඔවුන්ටම වේ. දේශපාලඥයන්ටද, පොලිස් නිලදාරීනටද, අනෙකුත් රාජ්‍ය නිලදාරීන්ටද, අපරාධ කරුවන්ටද ඔවුන්ගේ වැරදි වලට එරෙහිව වචන හරඹ සහ තෙලි තුඩෙන් වචන ගලපන මාධ්‍යවේදියාම ඔවුන්ට අයුක්තියක් සහ අසාධාරණයක් වූ විට විට ඔවුන් වෙනුවෙනුත් වචන හරඹ සහ තෙලි තුඩෙන් වචන ගලපමින් ඔවුන්ට හඩක් නගන්නේද මාධ්‍යවේදියාම බව සියලු දෙනාම අමතක නොකළ යුතුය.

Exit mobile version