ශ්‍රී ලංකාවේ මාද්‍යවේදීන් විවිධ අවස්ථාවලදී කරලියට පැමිණෙන්නේ ඔවුන්ගේ ප්‍රසිද්ධිය නිසාමය. එම ප්‍රසිද්ධිය නිසාම ඔවුන්ට විවිධ තර්ජන ගර්ජනද සිදුවේ. එසේ ප්‍රසිද්ධියට පත් වූ මාධ්‍යවේදීන් ගනනාවක්ම මේ වන විට මහපොළවට පස් කර තිබෙන්නේ නාදුනන තුවක්කු කරුවන්ගේ වෙඩි පහරිනි. ලෝකයේ තර්ජනාත්මකම රැකියාවන්වලින් එකක් වන්නේ ජනමාධ්‍යවේදයයි. එසේ ප්‍රසිද්ධ වූ මාධ්‍යවේදීන්ට කිසිම වැඩක් හොරෙන් කිරීමට හැකියාවක් නැත. උදේට පත්තරේ කියවන හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාද හොරෙන් ඉන්ධන ලබාගෙන තිබෙන බවට වන වීඩියෝවක් සමාජ් මාධ්‍යවල සංසරණය වේ.
ඔහුගේ ක්‍රියාව හරිද වැරදිද අප සිතන්නට පෙර සිතිය යුත්තේ මේ වන විට ලංකාව පුරා නිවෙස් වල ගබඩා කර තිබෙන ඉන්ධන සොයා බැලුවහොත් නැව් දෙකකට වඩා ඉන්ධන සොයාගත හැකි බවයි. රටේ ප්‍රශ්නයට වග කිව යුත්තේ පාලකයන්ය. පාලකයන් ඇති කල ප්රශ්නය නිසා මෙසේ විවිධ පුද්ගලයන්ට විවිද ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේ.
පාසල් ගුරුවරුන් පාසල් නොපැමිණියත් ඔවුන් උපකාරක පන්ති පවත්වයි. වෛද්‍යවරුන් රෝහලට නොපැමිණියත් පෞද්ගලික බෙහෙත් ලබා දෙන සායනයට යයි. එවන් රටක සිදුව තිබෙන්නේ සියල්ලම පාලනයෙන් ගිලිහි තිබීමයි. රැකියාවට යා ගත නොහැකිව, කුලිවැඩ නොමැතිව කුසගින්නේ සිටින මිනිසුන්ගේ අදෝනාව පාලකයාට නොඇසෙන්නේ හරියට පාලකයා සහ ජනතාව යනු “ නයි පොලොන්” වෛරයක් පිරිමසා ගන්න ගන්නා කොටස් දෙකක් හා සමාන වී ඇති සේය.
කොහොම උනත් පෝලිමේ නොසිට හෝ කුමන අකාරයකින් හෝ කෙනෙක් ඉන්ධන ලබා ගන්නා විට තවත් කෙනෙකුට වෛරයක් ඇතිවන ලෙස සියල්ලම සිදු වී තිබේ.