චමුදිත ජාත්‍යන්තර කිරුළක් ගලවයි

කාන්තාවකගේ බාහිර ස්වරූපය ලස්සන වූ පමණින් ඇය සුන්දර කාන්තාවක් නොවනු ඇත. බාහිර ස්වරූපය මෙන්ම ආකල්ප සහ සිතුවිලි ද අලංකාර වන කාන්තාවක සැබෑ සුන්දරත්වයෙන් පරිපූර්ණ වන්නියක් වනු ඇත.

කෙසේ නමුත් මෑත කාලීනව ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යමින් විවාහක රූ රැජින කිරුළ දැරූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය යනු සැබවින් ඉතා රූමත් කාන්තාවකි.නමුත් ඇයගේ ආකල්පවල ස්වරූපය ඊට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී ස්වරූපයක් වන බව හෙළි වූයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් තුළින් ය.

ඇය එම වැඩසටහනේ දී සඳහන් කළේ රෝසි සේනානායක මහත්මිය ඇයට හිමිවන්නට තිබූ කිරුළ වක්‍රාකාරයෙන් අහිමි කරන්නට කටයුතු කළ බවත්, මිස් ශ්‍රී ලංකා තරඟාවලියේ සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා රෝසි සේනානායක මහත්මිය සමග තමන්ට කිරුළ අහිමි කිරීමට සහය දුන් බවත්, සිය මුදලින් ගුවන් ටිකට් පත් ලබාගෙන මොවුන් තරඟයට පැමිණෙන්නේ බලහත්කාරයෙන් වන බවත්, විනිශ්චය මණ්ඩලය සහ සංවිධායක මඩුල්ල විසින් තමන්ට ලබා දුන් ලකුණු සියල්ල රෝසි සේනානායක මහත්මිය විසින්යම් ආකාරයක අක්‍රමිකතාවයකට ලක් කරන බවත් චමුදිත සමග පැවති සංවාදයේ දී ප්‍රකාශ කර ඇත.

ඇය කරන ලද මෙම ප්‍රකාශයන් සමග රෝසි සේනානායක මහත්මිය සහ චන්දිමාල් ජයසිංහ මහතා දැඩි තීරණයක් කරා යොමුව ඇත.

කෙසේ නමුත් මේ වන විට වාර්තා වන පුවත වන්නේ පුෂ්පිකා ද සිල්වාගේ රූ රැජින කිරුළ ගලවා දැමීමට චන්දිමාල් ජයසිංහ විසින් යම් මැදිහත්වීමක් සිදු කරන බවයි.

ඒ අනුව ඇයට එම කිරුණ අහිමි වී යා හැකි බවට මේ වන විට එම තත්ත්වය පත්ව ඇති බව වාර්තා වේ.

සම්පූර්ණ වීඩියෝව පහතින්,‍

Exit mobile version