ශ්‍රී ලංකාවේ විහාර සහ දේවාල විශාල වශයෙන් විනාශ වීමට ආරම්භව තිබුනත් ඒවා ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවා සිදුකරන්නේ ඒවා නොහොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය විනාශ කිරීමයි.
මේ විනාශයන් අතරතුර පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකාව පුරාම කතාබහට ලක් වූ අනුරාධපුර රුවන්වලිසෑයේ චුඩා මානික්‍ය, එහි පාදමේ තිබු මැණික් ගල් අතුරුදහන් කිරීම වැනි විවිධ කතා රාශියක් පැතිර ගියේ ලැව් ගින්නක් සේය. නමුත් ශ්‍රී ලංකා පොලිසිය ඒ කිසිවක් වෙනුවෙන් නිසි පරීක්ෂණයක් සිදුකල බවක් අපට වාර්තා නොවුනි. කෙසේ නමුත් එහි පරීක්ෂණ හරි හෝ වේවා වැරදි හෝ වේවා අවසන් පරීක්ෂණ සිදුකරන්නේ ඔවුන්ය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් ඔහු රුවන්වැලිසෑයෙ චූඩා මාණික්‍ය අස්ථානගත වීම පිලිබඳව පැවැති වූ සාකච්ඡාවකට විරුද්ධව රුවන්වැලිසෑයෙ මහ නා හිමි විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව එහි මූලික පරීක්ෂණ ආරම්භ කිරීම සදහා අධිකරණ නියෝගයක් මත චමුදිත සමරවික්‍රම මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුනේ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබා ගැනීම සදහාය. ඒ අනුව පරීක්ෂණයේ තත්වය මත මෙම වීඩියෝව තහවුරු කිරීම සදහා ඔහුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි ලබා දීමට සිදු වේ.
සාමාන්‍ය නීතියට අනුව සියලු පරීක්ෂණ අවසන් වී එහිදී අපරාධයක් සිදුව තිබුණහොත් එහි භාරකාර හිමි වන පැමිණිල්ල කර තිබෙන නායක හිමිද නඩුවේ චුදිතයෙකු වන අතර පැරණි ලේඛන, මෙන්ම සිරිත් මෙන්ම විශ්වාසද නීතියට අනුව අධිකරණයන් ඉදිරියේ සාක්ෂි ලෙස පිළිගනී.
එසේම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා සහ දළදා වහන්සේ නමක් ජපානයට විකිණීම පිලිබඳවද පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබෙන අතර එම පැමිණිල්ල සිදුකර මේ වන විට අවුරුද්දක් පමණ වී ඇතත් පොලිස්පතිවරයා මෙය යට ගසන්නේ ඇයිද යන්න හේතුව පසුගියදා මධ්‍යම පළාත් පොලිස්දින සැමරුමේදී අනාවරණය විය. එම පැමිණිල්ලේ චුදිතයෙකු ලෙස නම් කර තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑල සමග සුහද සාකච්ඡාවක නිරතව සිටින බවට පහත වීඩියෝව තුල දක්නට ලැබේ. මේ ඔක්කොම යාළුවො නම්, නීතියද තමන්ට අවැසි ලෙස නැමෙන්නේ නම්, අපට කියන්නට තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නට සිටින ශ්‍රී ලංකා පොලිසියේ සමහර කටයුතු සිදුකරන්නේ “ කතාව දෝලාවෙන්, ගමන පයින්” ලෙසය. නමුත් ඉලක්කයක් සහ සැලසුම් ඔස්සේ වැඩකරන මිනිසුන් වැඩ කරනුයේ “ වෙහෙර ගිලපු එවුන්ට ආග්ගලා කජ්ජක්ද?” සේ සිතාගෙනය.
පොලිස්පතිවරයා සහ දියවඩන නිලමේවරයා සතුටු සාමිචියේ යෙදී සිටින ආකාරය.
චමුදිත සමරවික්‍රම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට හේතු වූ වීඩියෝව