චීනයට අනතුරු හැඟවීම්…! ඉන්දීය සාගරය තුල යුධ නෞකාවන් රඳවයි. රටවල් ගණනාවක එකතුවක්.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය බෙන් වොලස් හා ජපාන ආරක්ෂක අමාත්‍ය නොබෝ කෙසේ මහතා අතර පැවති සකච්ච්චාවකින් පසුව ඒකාබද්ධ නිවේ ධනයක් නිකුත් කරමින්, බ්‍රිතාන්‍ය විසින් යුධ නෞකාවන් දෙකක් ඉන්දීය සාගරය තුල රදවා තැබෙන බව ප්‍රකාශ කරන ලදී.  බ්‍රිතාන්‍යට අයත් ක්වීන්ස් එලිසබෙත් නමැති ගුවන් යාන ප්‍රවාහන නෞකාව සහ HMS යන නෞකාවන්  මේ වන විටත් ඉන්දීය  සාගරය තුල රදවා තිබේ. එම නිවෙධනයට අනුව කලාපයේ මිතුරු රටවල් වල ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව බ්‍රිතාන්‍යා නිවේදනය කරයි.

විශේෂයෙන්ම තායිවානය ඇතුළු ඉන්දීය කලාපයේ මිතුරු රටවල් වලට තිබෙන තර්ජන හේතුවෙන්, ඇති විය හැකි යුධමය වාතාවරණයන් වලක්වා ගැනීමේ අරමුනින් මෙසේ කරන බවද තව දුරටත් සදහන් කර තිබේ. තවද ජපාන සහ  ඇමෙරිකානු යුධ නෞකාවන් සමග බ්‍රිතාන්‍ය නෞකාවන්ද ඒකාබද්ධව මෙම මෙහයුම් සිදු කිරීමට නියමිතය. මෙම නෞකාවන් සියල්ලම, ඉන්දීය සාගරය තුල පිහිටි සිංගප්පූරුව, ඉන්දියාව, දකුණු චීන මුහුද, දකුණු කොරියාව, පිලිපීනය, ඇතුළු නැගෙනහිර ආසියාවේ මිතුරු රටවල් ආශ්‍රිතව රදවා තැබීමට සහ මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.

තවද, F 35 ප්‍රහාරක ගුවන් යාන සහිත ක්වීන් එලිසබෙත් නෞව්කාව පසු ගිය දින වල ඉන්දියාව සමග යුධ අභ්‍යාසයකද නිරත විය.  බ්‍රිතාන්‍ය සමග එක්ව කෙරෙන මෙම ආරක්ෂක වැඩ පිළිවෙලට, බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ජාපනය , ඉන්දියාව, නවසීලන්තය, සහ දකුණු කොරියාව යන රටවල්ද එක් වීමට නියමිතය.  එසේම මෙම ආරක්ෂක වැඩ පිළිවෙලට බාධා නොකරන ලෙස බ්‍රිතාන්‍ය චීනයට පවසා තිබෙන නමුත් චීනය පවසන්නේ දකුණු මුහුදු තීරයේ තම කලාපයේ අයිතීන් වෙනුවෙන්, ඒවාට විරුද්දව පෙනී සිටින ඕනෑම පාර්ශ්වයකට එරෙහිව කටයුතු කරන බවය.

Exit mobile version